Pages - Menu

Earn Money Online

Showing posts with label dayasiri jayasekara. Show all posts
Showing posts with label dayasiri jayasekara. Show all posts

Thursday, December 5, 2013

Premalingane - Dayasiri Jayasekara

ප්‍රේමාලින්ගනේ

ප්‍රේමාලින්ගනේ නිල් පාට ඇස් ඇයි හිනැහුනේ
හීනෙන්ම මුළු රෑම ඔබ ලංවුනේ //

උන්මාද ආදරේ ඉවසන්න බෑ අනේ
කිමිදෙන්න හැඟුමන් විලේ
සන්සාර මාවතේ තනිවෙන්න බෑ අනේ
ඉගිලෙන්න හද මාලිගේ
සෝතාප දුරලන්න ජීවිතේ
ඔබ ඉන්න නෙතු ගාව මායිමේ

ප්‍රේමාලින්ගනේ......................

නෙතු කී කතන්දරේ කවිකාර මන්තරේ
මුමුනන්න හෙමින් සැරේ
අර පේන අම්බරේ පාවෙමු නිරන්තරේ 
නැහැවෙන්න සඳ කැන් හදේ
සෝතාප දුරලන්න ජීවිතේ
ඔබ ඉන්න නෙතු ගාව මායිමේ

ප්‍රේමාලින්ගනේ......................

To Download the mp3 click here 


ගායනය - දයාසිරි ජයසේකර

Sunday, July 28, 2013

Alawantna Neth Vida - Dayasiri Jayasekara

ආලවන්ත නෙත් විදා

ආලවන්ත නෙත් විදා
මන්දහාස නංවලා
සඳ කින්නරී සුන්දරී
මුතු පළස මත දිදුලනා
මන බන්දිනී නන්දිනී

මුතු පළස මත හිනැහෙනා

සඳ කැන් හොරෙන් මුව තවරලා
මල් මල් ගව්මකින් ගත සරසලා
ඉඳිකඩ උඩින් තරු නෙත් වසා
මතකයි තවත් අපි හිනැහුනා

මතකයි තවත් ඔයා හිනැහුනා

සිහිලැල් සුළං රැල්ලක එතී
වනමල් උයන් හැරදා අප සිටී
මතකෙන් මකා අපි පෙම් කල හැටී
මතකයි ඔයා මං හැරගිය හැටි

මතකයි  තවත් ඔයා හිටි හැටී

ආලවන්ත නෙත් විදා...


To Download mp3 click here 

ගායනය - දයාසිරි ජයසේකර

Followers