Pages - Menu

Earn Money Online

Showing posts with label Samitha Mudunkotuwa. Show all posts
Showing posts with label Samitha Mudunkotuwa. Show all posts

Saturday, April 6, 2013

Manamalayi Adareth Numba Tharam - Samitha Mudunkotuwa

මනමාලයි ආදරෙත් නුඹ තරම්

පාවෙලා කෝඩු ආකාසේ නැවතෙමින්
ජීවිතේ හීනයක්‌ මමදෝ කියන්
හෙමි හෙමින් නැවතිලා තව හිතුවොතින්
ඇත්තමයි නුඹ මගේ අහසම තරම්
කවිකාර හීනේ ලඟින් 
දඟකාරකම් හිත තියන් 
මනමාලයි ආදරෙත් නුඹ තරම්
මනමාලයි ආදරෙත් නුඹ තරම්

නිදිවරන හීනයේ මතකය දිගේ ගිහින්
සෙනෙහසට ගැඹුරක් එක්කරන් ඔය නමින්
නුඹ දුන්නු ආදරේ අරුත සොයනා සිතින්
තව නුඹට ලංවුනා හුස්ම වැටෙනා දුරින්

නුපුරුදම ආදරේ එක හිතට යා කරන් 
නවතින්න හදවතේ හිතුමතේ දුර ගිහින්
ඉකිබින්ද ජීවිතේ තනිකම මැකී ගිහින් 
තව ඉඩක් නෑ හිතේ නුඹට දුන්නා තරම්


පාවෙලා කෝඩු ආකාසේ......................

To Download mp3 click here 

ගායනය - සමිතා මුදුන්කොටුව
පද රචනය - රචිත වාකිෂ්ට
සංගීතය - තිලින රුහුණගේ

Tuesday, October 2, 2012

Pata Wenas Wana - Samitha Mudunkotuwa

පාට වෙනස් වන

පාට වෙනස් වන
සමනලයෙකු ලඟ
සමනලියක් උනානෙ මං
පාට වෙනස් නොවී ඉන්න //


සුළඟේ දැවටී මල් පෙති සැලූනා
සුසුමක හසුවී සෙනෙහස බිඳුනා
ආදර හීනය තරු මත සඟවා
කලූවර අහසක තනි කෙරුවේ ඇයි

කඳුලේ සේයා අඳුරේ නැගුනා
සියුමැලි අත්තටු එකිනෙක බින්දා
ජීවිත අහසේ මා තනි කර දා

ඈතින් ඈතට ඉගිල ගියේ ඇයි

පාට වෙනස් වන...................


To Download mp3 click here



ගායනය - සමිතා මුදුන්කොටුව
පද රචනය - නිශාන්ත ශාන්තදේව
සංගීතය - රුවන් ශ්‍රී වල්පොල

Saturday, January 28, 2012

Alen wela Ganna - Samitha Mudunkotuwa & Athula Adhikari

ආලෙන් වෙලා ගන්න - Samitha Mudunkotuwa & Athula Adhikari

ආලෙන් වෙලා ගන්න කෝලම් කළා
හිත ආලෙන් මුදා ගන්න මායම් කළා
මම හීනෙන් අපේ ලෝකේ සායම් කළා
ඔබ සායම් මකා ලන්න වෑයම් කළා

මම දෑසින් කළා ඔබට පෙම් යෝජනා
ඔබ කළා යෝජනා වලට චෝදනා
මම මෑතින් ඉදන් වින්දා ඉන් වේදනා
ඇයි ඔයා බැලුවෙ මගේ ඇස් දිහා නාඩනා....


පෙම් වසන්තේ ඇවිත් නැත්ද තාමත් ඔහේ
පාළුයි වගේ නැද්ද තාමත් හිතේ
වසන්තේ ඇවිත් බොහෝම කාලයක් මෙහේ
අපේ ආදරේ භාවනාවක් වගේ 

ආලෙන් වෙලා ගන්න ...................................... 


To Download mp3 click here.

ගායනය -  අතුල & සමිතා
පද රචනය - මාදව හේවාවසම්
සංගීතය - මාදව හේවාවසම්

Followers