මේ දිගන්තයේ
මේ දිගන්තයේ මල් වසන්තයේ
ඈ නිසංසලේ මා නිසංසලේ
නිල් ගුවන් ගැබේ පායනා සඳේ
දන්නවාද ඒ පෙම් කතන්දරේ
සිත නෑ කියන්නෙ නෑ
ගත බෑ කියන්නෙ නෑ
ඇය හාදු දෙන්නෙ නෑ
ඈට තෙරෙන්නෑ
සිතුවැල් රැඳෙන්නෙ නෑ
නෙතුවැල් බැඳෙන්නෙ නෑ
පැතුමන් නෙලන්න නෑ
ඇය ආදරේ දෙන්නෑ
මේඝ මාරුතේ රෑට සීතලේ
යොවුන් හැඟුම් මගේ
තැලෙයි පෙලෙයි ගතේ
ලඳුනේ අනුකම්පා නැතිදෝ සිතිලා
ඇය මාව දන්නෑමගේ ස්නෙහේ දන්නෑ
කොඳුරා කියන්න නෑ
දුර ඈත ඉන්නෙ ඈ
ඔබ මට ගෙන දෙන වේදනා
යලි යලි පාරයි චේතනා
මා දුක කඳුලේ නෑවෙනා
වසන්තයේ රෑ
ඔබ ගැන සිතමින් රෑ දිවා
වසන්තයේ මල් පීදිලා
ඉවත බලාගෙන ඇයි ඔයා
මට ඔබ නැති ලොව එපා
මා සනසනු රෑ දිවා
රෑ දිවා රෑ දිවා රෑ
නෙතුවැල් මැලවී සිතුමල් වැලපී
හසකැන් මියැදී හද සෝ වියැකී
To Download mp3 click here
ගායනය :- රූකාන්ත ගුණතිලක
පද රචනය:-
සංගීතය -
සුවඳ දෙන මල් වනේ
සුවඳ දෙන මල් වනේ බිඟුන් බැඳිලා
කඳුලු බිඳු නිල් නුවන් පුරා රැඳිලා
ඔබේ ළමැදේ සෙනේ මැදුරේ
සුසුම් නැගිලා
සුවඳ දෙන මල් වනේ බිඟුන් බැඳිලා
කඳුලු බිඳු නිල් නුවන් පුරා රැඳිලා
මේ නුරා සැඳෑ කලේ සෝ සුසුම් හෙලා
ඈත තාරකා දිහා නිල් නුවන් යොමා
ඒ ඔබේ සුපෙම්වතා ඒවිදෝ බලා
නෑ පලේ තැවී හඬා
වේදනා දරා
වේදනා දරා
සුවඳ දෙන මල් වනේ බිඟුන් බැඳිලා
කඳුලු බිඳු නිල් නුවන් පුරා රැඳිලා
මේ ලොවේ දිනූ අපේ ජීවිතේ කෙටියි
කාලයේ රහස් වසා ජීවිතේ ගලයි
මේ කුලුත් පියා සලා කුලින් කුලේ රැඳෙයි
ආදරේ අමා හැඟුම් මා සිතේ නැගෙයි
මා සිතේ නැගෙයි
සුවඳ දෙන මල් වනේ.....................
To Download mp3 click here
ගායනය :- රූකාන්ත ගුණතිලක
පද රචනය:-
සංගීතය -
සුවඳ දැනී
සුවඳ දැනී දැනී දැනෙනවා
උදා හිරු එළියේ අලුත් ඉරක් දෝ මේ
හිතට ගලනවා හීත බිඳු බිඳු
හීන් පිනි හුළගේ හිනස්සා හිත ගැඟුම්
සුවඳ දැනී දැනී දැනෙනනවා
ඊයේ නොදුටුව ලස්සන ලෝකය අද කොයින් හෝ
හෙමිහිට ඇවිදින් මිදුල දිගේ මට තුරුළු වෙනවා
ජීවිතේ සුන්දරද මෙතරම්
සුවඳ දැනී දැනී දැනෙනනවා
රෑන රෑන එන පාට පාට සමනළයෝ
පේන පේන මල් සිපගන්නෝ
ආදරේ
ඔච්චම් කර කර හංකිති කවනා ආදරේ
බලාපොරොත්තුව දෝත දරා
මග බලා හිඳි ඔබ එනතුරා
ආයෙ හෙට දවසක් තියේවී අද වාගේ
ජීවිතේ සුන්දරද මෙතරම්
සුවඳ දැනී දැනී දැනෙනනවා.............
To Download The mp3 click here.
ගායනය: රූකාන්ත ගුණතිලක
සංගීතය:
පද රචනය:
සීතල සිතුවිලි
සීතල සිතුවිලි උණුසුම් සුසුමින්
සුවපත් කළ ළබැඳේ
ජීවිත කතරට සිහිලැල් පිණි බිඳු ඉසිමින්
පෙර මං කී නිරිඳේ //
මුවරද විසිරෙන මිහිරිම සෙනේහයෙන්
මා හද සුවඳින් පිරූ හැටි
ගිනියම් සැඩ හිරු දෝතින් මුවා කරන්
සුව බර සෙවනැලි හැදු හැටි
සීතල සිතුවිලි..........................
නොසිතූ මොහොතක නොමියෙන විලාසයෙන්
ඉරණම ඔබ ළඟ රැදුණු හැටි
වැළපෙන පැලකට මල් කැන් දෝත දරන්
හෙට ගැන උරුමය ගෙනා හැටි
සීතල සිතුවිලි..........................
To Download The mp3 click here
ගායනය: රූකාන්ත ගුණතිලක
සංගීතය:
පද රචනය:
කඳුළු බිඳක් මා වෙනුවෙන්
කඳුළු බිඳක් මා වෙනුවෙන්
නොසැලෙන්නයි ඔබේ ඇසින්
ආදරයේ අනුකම්පා
අයැදින්නට එපා මගෙන් //
කුළුඳුල්
සෙනෙහස ඔබගේ
පුද කලදා එකම සිතින්
ඔබ දෙගුරුන් නොපැතූ මා
ලොව තනිවේ නම්
කඳුළු බිඳක් මා..............
එක මග යනමුත් කිසිදා
හමු නොවෙනා දෙදෙනෙකු නම්
තනිවෙන්නම් සැමදා මා
ඔබ සැනසේ නම්
කඳුළු බිඳක් මා..............
To Download The mp3 click here
ගායනය: රූකාන්ත ගුණතිලක
සංගීතය:
පද රචනය:
ඔබ ළඟ නැති මේ සසරේ
ඔබ ළඟ නැති මේ සසරේ
තනිකම දැනුනා අඳුරේපැතුවා ඔබේ සිසිල උණුසුම් කතරේ
ඔබ මා ළඟ නැති අතරේ
රන් දේදුණු පෑයූ දා
ඔබ හා මා එක්වූ දා
මතකයි ඔබේ සුදු අත ගෙන පියමැන්නා
පොද වැස්සක අපි දෙන්නා
විළඳ පොරි ඉහලා අපට සුබ පැතුවා
අසිරි හඬ දීලා මංගලම් කීවා
සුවඳින් පිරී හසරැල් ඔබේ මගෙ මුවගට ළංවූවා
ඔය රූ මගෙ නෙතු දුටුවා
සඳ කිරණ වැදිලා මල් සුවඳ දැනිලා
පිණි දහඩිය වැටිලා ඔබෙ මුහුණ තෙමිලා
ඔබ හා මෙමා දෙදෙනෙක් කියා සිතුවා ඉවරයි සිතුනා
රැය පහන් කලා දෙදෙනා
ඔබ ළඟ නැති මේ සසරේ................
To Download The mp3 click here
ගායනය: රූකාන්ත ගුණතිලක
සංගීතය: රූකාන්ත ගුණතිලක
පද රචනය:
සඳ පිනි දියේ
සඳ පිනි දියේ හිම කුමරියේ
ජීවිත කැලේ පිපි මල් වැලේ //
මා හා බැඳී ගිනි කාෂ්ටකේ
කඳු හෙල් දිගේ සැඩ මාරුතේ
ඔබ හමා යනවා අපි හමා යනවා
නෙතින් ගලනා කඳුළු වැල් ගංගාවෝ
සවිය දෙනවා පරදන්න මායාවෝ
මල් රොනින් මලින් පිරී
දිනෙන් දිනේ ගෙවේ
ආදරේ සදා සුසුම් නොවේ
සඳ පිනි දියේ.....................
මෙලෝ වසනා තුරා ලඟ මා ඉන්නම්
කඳුලු පිසදා ඔබව සනහා ලන්නම්
ආදරේ හිනා වෙවී ආදරේ හඬයි
ජීවිතේ කා හටත් ඔහොමයි
සඳ පිනි දියේ.....................
To Download The mp3 click here.
ගායනය: රූකාන්ත ගුණතිලක
සංගීතය: රූකාන්ත ගුණතිලක
පද රචනය: ධර්මසිරි ගමගේ