Pages - Menu

Earn Money Online

Showing posts with label Dushyanth Weeraman. Show all posts
Showing posts with label Dushyanth Weeraman. Show all posts

Sunday, July 15, 2012

Ahanna Adare Tharam ( Me hithe ellila ) - Dushyanth Weeraman

අහන්න ආදරේ තරම්



මේ හිතෙ එල්ලිලා පෙරදා
ඇවිදින් මා ලයේ නැවතිලා

මා හැර වෙන කෙනෙකුගේ වෙලා
ඉන්නේ කොහොමදෝ ඔයා
කඳුළු වෑහෙනා නෙතු දිහා
බලන්න මොහොතකට ලං වෙලා
හෙමිහිට පපුව මත කන තියා
අහන්න ආදරේ තරම්


දුක දරාගන්නට හිතට හයිය නෑ
හිත හදා ගන්නට කොහොමටත් බෑ
නාදුනන සේ මග හැර යන්න බෑ
තවත් හිතකට හිමි වෙන්න බෑ


මේ හිතෙ එල්ලිලා...............


මා වෙනුවෙන් මට මැවු සෙනේ
හමුවෙලා මග හැරී ගියේ
ආයෙත් ඔබ මා වෙත එනකම්
තනිකඩව සිටී ඔබ කොහෙද ප්‍රියේ


මේ හිතෙ එල්ලිලා...............



To Download mp3 click here





ගායනය - දුෂ්‍යන්ත් වීරමන්
පද රචනය -  දිලාන් ගමගේ
සංගීතය - රදීෂ් වැන්දබෝනා

Saturday, February 25, 2012

Dedunna Wage -Dushyanth Weeraman

දේදුන්න වාගේ



දේදුන්න වාගේ පායන්න ආයේ
පායන්න ආයේ කිව්වා
ඈ එන්නේ නෑ නේ පායන්නේ නෑ නේ

දේදුන්නේ පාට හෙව්වා ///


ඈ එක්ක උන්නු කාලේ ආදරෙන් තුරුල් වුනා
දේදුන්නේ පාට ප්‍රේම ලෝකයේම ගෑවුනා
ඒ ප්‍රේම ගීතයේ ඔබයි මමයි සිනා සුනා
මේ පාට හීනයේ ඔබයි මගේ සුරංගනා


දේදුන්න වාගේ..............................


දෑස් වලින් විද්ද හීය මේ හිතේම නැවතිලා
මා ආදරේට කීව ගීත ඈට නෑසෙනා
මේ පෙම් පැතුම් දන්න අහස පොලොව යා වුනා
දේ දුන්න කෝ ඔයා කියන්නකෝ සුරංගනා

දේදුන්න වාගේ.................................///


To Download The mp3 click here.






ගායනය : දුෂ්‍යන්ත් වීරමන්
පද රචනය : නන්දන වික්‍රමගේ
සංගීතය :  දුෂ්‍යන්ත් වීරමන්





Friday, February 17, 2012

Mathake Hasarel - Dushyanth Weeraman ft Umara

මතකේ හස‍රැල්



කියන්නට බැරි තරම් ඔබට ආදරෙයි මං
දරන්නට බැරි තරම් ‍දුක වාවන්නට බෑ දැන්
ඔබ ඇයි කුරිරු මේ තරම් සිතක් නැති කෙනෙක් මෙන්
මා හෙලනා මේ සුසුම ඔබට දැනෙනවා නම්
මා සොයා යලි ඇවිත් සිප ගන්නකෝ මා දෙතොල්

මතකේ හස‍රැල් නැගෙන රැයේ
දෙනෙතින් කදුලැල් ගලා ගියේ
ජීවිතයේ රස දැනෙන වියේ
ඔබ මා හැරදා ඇයිද ගියේ

ඔබ ඇයි අන්සතු වුනේ ඔබ ඇයි මා හැරගියේ
පූජනීයයි ආදරේ ඔබ එය නොදනී ප්‍රියේ
දිවි ඇතිතෙක් මේ බවේ ඔබට පමණයි ආදරේ
මා හද පතුලේ ඔබේ රුව සදා ඇඳී තිබේ

සිතකින් නොව ඔබ දමා ගියේ
ඔබ ගැන සිහිවෙයි හැම මොහො‍‍තේ
දුක පමණයි මට උරුම වුනේ
සමාවෙන්න කුමරානනී

ඔබ හා මා හමුවේනම්
ජීවිතය ඔබ හට දෙන්නම්
ඔබගේ සුසුමන් තුල ගිලිහී
ඔබගේ තුරුලේ මිය යන්නම්
මතකේ හස‍රැල්..................


To Download The mp3 click here.






ගායනය : දුෂ්‍යන්ත් වීරමන්
පද රචනය :
සංගීතය :

Followers