Pages - Menu

Earn Money Online

Showing posts with label Bathiya Santhush. Show all posts
Showing posts with label Bathiya Santhush. Show all posts

Wednesday, December 5, 2012

Kavikariye (Unuhuma Winda Winda) - Bathiya Santhush

කවිකාරියේ(උණුහුම විඳ විඳ)


උණුහුම විඳ විඳ සියො ළඟ දැනුනේ මායා
සත්තයි ළඳුනේ ආවේ  සඳවත පායා
සරාගී නුවන් චායා හදේ දැල්විලා මා
ඔබයි මාගේ පෙම් වස්සානේ //

කවිකාරියේ (කවිකාරියේ)

මට හාදු දී (මට හාදු දී)
ඔබෙ දෑස මානේ හීන වස්සානේ
මායම් කතා  (මායම් කතා)
මුළු රෑම වැහී (මුළු රෑම වැහී)
ඔබෙ කෝල දෑසේ පැටලි මා ඉන්නේ
අපෙ ආදරේ දැන් කවි පෙළක් වාගේ
අපෙ ආදරේ දැන් කවි පෙළක්

උණුහුම විඳ විඳ දෙතොලේ හැඟුමන් පාලා
දෑඟිලි දිව්වේ කොපුලේ රැඟුමක් දීලා
නුරාගී බැලුම් සේයා දසුන් මත් කළා මා
ඇවිත් නේද පෙම් වස්සානේ

කවිකාරිය.............................

To Download mp3 click here  



ගායනය - භාතිය සන්තුෂ්
පද රචනය - සම්පත් ප්‍රනාන්දුපුල්ලේ
  


Monday, March 5, 2012

Hitha Nambara Thaleta - Bathiya Santhush

හිත නාඹර තාලෙට






හිත නාඹර තාලෙට වෙල් දෙනි වල නැටුවා
එන හිමිදිරි සිහිලෙට සිතුවිලි කිති කැවුනා
එක පාරට මල් සුවඳක් දැනුනා
මදහාස නගා ඈ හොරැහින් වගේ බැලුවා //

පාළු අම්බරයේ දේදුන්නක් ඇඳිලා
පාට ගෑ විගසේ පාලුව සැඟව ගියා //
සීතලෙන් මිරිකී උදාවුනු මේ අරුණෙ‍්

පාලු වූ මහදේ කවුරුද තනි මැකුවේ


හිත නාඹර තාලෙට......................

පාට සමනලයන් ආදර ගී මුමුණා
රෝස මකරන්දේ සුවඳට ඉව කෙරුවා //
සීතලෙන් මිරිකී උදාවුනු මේ අරුණේ

පාළු වූ මහදේ කවුරුද තනි මැකුවේ


හිත නාඹර තාලෙට........................


To Download mp3 click here.


ගායනය : B&S
පද රචනය :
 සංගීතය :

Saturday, March 3, 2012

Langa Nathi Bawa Danenawa - Bathiya & Santhush

ලඟ නැති බව දෑනෙනවා 




ලඟ නැති බව දෑනෙනවා 
එනමුත් හද අහනවා
ඔබ ඒවී දෝ කවදා හෝ
ඔබ මගෙමයි හැඟෙනවා
ආදරේ තව රැඳෙනවා
ඔබ ඒවීදෝ කවදා හෝ

හුදකලාව මේ සිත හඬනවා
සැමදා ජීව්තයේ තනිවේදෑයි සිතෙනවා
ඔබගෙන් ලද උණුසුම මට දෑනෙනවා
තනිකම මාගේ ඉගිලී යනවා

ලඟ නැති බව දෑනෙනවා .....

නෙතු පියාන මා ඔබෙ රුව මවනවා
හීනෙන් ඇවිත් මා දෑස සිනවා
ඔබගේ සුසුම් මට තව දැනෙනවා
ඔබ දන්නේ නෑ ආදරේ ගලනවා


ලඟ නැති බව දෑනෙනවා ......


To Download mp3 click here.


ගායනය : B&S
පද රචනය :
සංගීතය :

Thursday, March 1, 2012

Keewa Sulanga Mata keewa - B&S / Uresha

කීවා සුලඟ මට කීවා





කීවා සුලඟ මට කීවා කීවා
සුළඟ හා ආවා කියා ඔයා 
කීවා සුලඟ මට කීවා කීවා 
පෙම් හිත ගෙනාවා කියා ඔයා

දෝරේ ගලනා ඔබේ සිනා
මුසුවූ තුති ගීතිකා
හද රිද්මේ පාරා රැව්නු දිලී
තුරුලිය තුරුලේ පෙම් සුව විඳී

හිත ගිය තැනක සදහටම ඉන්නට
ලස්සන හිතක් කොහෙද ඔය හිත මිස
පෙම්බස් හුඟක් රසට මුමුණන්ද මා 
හිත ගිය තැනක සදහටම ඉන්නට
ලස්සන හිතක් කොහෙද ඔය හිත මිස
හිත්දෙක හිතක් විලස අමුනන්නද මා

කීවා සුලඟ...................... //


දෝරේ ගලනා.................


හිත ගිය තැනක...............



To Download mp3 click here.




ගායනය : B&S සහ උරේෂා රවිහාරි
පද රචනය :
සංගීතය :

Friday, February 3, 2012

Thurul Wenna Asai - Bathiya & Santhush

තුරුල් වෙන්න ආසයි



තුරුල් වෙන්න ආසයි හැන්දෑවේ
ඉගිල්ලෙන්න ඇත්නම් ආකාසේ
හිතින් පෙම් කළා මං ඔබ දන් නෑනේ
රැයේ සිහිනයෙන් මා ලං වුනානේ

ඉවසන්න බෑ හදගින්න මාගේ
පවසන්නකෝ ඔබෙ ආදරේ //
හිතුවක්කාරී යන්න එපා දැන්
ආදරෙයි සැමදා මං ආදරෙයි

තුරුල් වෙන්න ආසයි.................

නෙතු කැන් ආනන්දේ
ඇයි ඔබ ඔරවන්නේ
තනි කම වද දෙන්නේ
ඔබේ ආදරේ

උහුලන්න බෑ ඔය කැල්ම දෑසේ
ඉගිලෙන්නකෝ හද මන්දිරේ //
හිතුවක්කාරී යන්න එපා දැන්
ආදරෙයි සැමදා මන් ආදරෙයි

තුරුල් වෙන්න ආසයි.................



To Download The mp3 click here.




ගායනය - භාතිය & සන්තුෂ්
පද රචනය -
සංගීතය -

Tuesday, January 31, 2012

Hitha Wawannema Na - Bathiya & Santhush

හිත වාවන්නේම නෑ 



හිත වාවන්නේම නෑ - ඔබ අයෙත් එන්නේ නෑ
මම තාම දන්නේ මා ඔබේ කියා
හිරුකෝඩු මැදියම් රෑ දුන් හීන එළිවෙන් නෑ
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
මම තාම දන්නේ මා ඔබේ කියා

සුසුමන් කියා නොදුන්නු ජීවිතේ සුපෙම් කතාව
කියා දුන්නේ ඔබමයි ලඳේ//

දෑසත් පියාන ඉන්නෙ
බැරිද තාම අවදි වෙන්න
බලා ඉන්න බෑ මට තවත්
සීතලෙන් මා වෙලී
දෙනුවන් පහන් නිවී
ඔබ යන්නේ අයි ආදරී
ඔබ යන්නේ අයි ආදරී

හිත වාවන්නේම නෑ........................

උකුලේ නිදාන උන්නු කාලේ ආයේ එන්නේ නෑ
තනි වෙන්න බෑ මට ඉතින්//
කෙහෙරල්ලේ ගෑවී ගෑවී
සුවඳ සෙව්වෙ මා එදා
ලං වෙලා ඉන්න බෑ ඉතින්
ආදරේ නෑ ඔයා පාඩුවේ මා හෙලා
ඔබ යන්නේ අයි ආදරී
ඔබ යන්නේ අයි ආදරී

හිත වාවන්නේම නෑ........................



To Download The mp3 click here.


ගායනය - භාතිය සන්තුෂ්
පද රචනය -
සංගීතය -

Followers