Pages - Menu

Earn Money Online

Wednesday, February 27, 2013

Oya Hinda - Chandrasena Hettiarachchi

ඔයා හින්දා

ඔයා හින්දා මං වින්දා දුක් ගංගා 
එදා හංගා පෙම් බැන්දා ඔබ හට මා
ආදරේ  කරලා දෑසම රිදවා
දමා ගිහින් මගෙන් වෙන්වෙලා
වෙනස් වී දුකක් දී
ලඟින් ඈ දුරස් වී

මා  ඔබෙ කියලා දෑතම පටලා
වෙරළේ  පියමැන්න කාලයේ
මතකය  ගෙනෙනා ආදරේ පිරිලා
පාලු ගොඩගැහුනා ජීවිතේ 
කියාලා  දීලා යනවද පියඹා
දන්නේ නෑ මගේ මදිවද ආදරේ

ඔයා හින්දා................................

කාලය  ගෙවිලා ඔබ වෙන්වීලා
කාටද හිමිවීලා මේ බවේ
ඒ දුක ඉවසා ගන්නට බැරුවා
ආයේ එනවාද හීන් සැරේ
කියාලා  දීලා යනවද පියඹා
දන්නේ නෑ මගේ මදිවද ආදරේ

ඔයා හින්දා................................




To Download mp3 click here








ගායනය - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

Ma Deneth Piyawila - Saranga Disasekara

මා දෙනෙත් පියවීලා  

මා දෙනෙත් පියවීලා
මා සුසුම් සිරවෙලා
යනතුරා දිවි මගේ
ඔබ පමණයි සිහිනේ සදා //

තුරුලේ  නැළවී එදා
කීව පෙම් ගී කතා
සුඟේ මුසුවී ගියා
ඔබව මතකේ තියා

මා දෙනෙත් පියවීලා ........

ලදළු මල් පෙති පවා
මිහිමතේ  සැතපිලා
ඔබත් යලි නෑ කියා
හිරුත් අවරට ගියා

මා දෙනෙත් පියවීලා ........

To Download mp3 click here  



ගායනය - සාරංග දිසාසේකර
පද රචනය - නලින් ද සිල්වා
සංගීතය - සංඛ දිනෙත්

Wednesday, February 20, 2013

Hanganna Bariwewi Adare - Amal Perera & Devashree

හංගන්න බැරි වේවි ආදරේ


හංගන්න බැරි වේවි ආදරේ
හැංගෙන්න හැදුවාට හොරැහින් හොරෙන්
රිංගන්න හිතුවාට හිරිපොද මැදින්
දඟලන්න තහනම් මේ පපු පහසේ දී නම් //

ජීවිතේ හරි නොසන්සුන්
ඒ හින්දාම සිහසුන්ව ඉන්නම්
ආදරේ ඒ වග කියාවී
ඔබ තුරුලේහි සන්සුන් සුවෙන් මං
ඔබ තුරුලේහි සන්සුන් සුවෙන් මං

ලාමක් මද නල මග පෙන්වනකන් හීන් හඬින්
මග හැර යන්නට හිත දෙන්නැති නැතිවෙනකන්
කුඩළු මල් පන එපා වෙලා පරවී යනකන්
හිතළු කතා කියා කියා ඉමූ රෑ එලිවෙද්දින්

ආදරේ හරි නොසන්සුන්
ඒ හින්දාම සංසුන්ව ඉන්නම්
ජීවිතේ රඟ දැනේවී 
ඔබ තුරුලේහි සිහිසුන් නොවී මං

To Download mp3 click here  



ගායනය - අමල් පෙරේරා & දේවශ්‍රී

Friday, February 1, 2013

Adara Mal Wala - Kasun & Indrachapa

ආදර මල් වල


ආදර මල් වල පාට කියන්නද
ඒ වගේ ලස්සන තව නෑ
ඒ වගේ ලස්සන තව නෑ
මීදුම් පිණි පොද දෑස වසන් ක
සමනල් සිහිනය පිපුනා
සමනල් සිහිනය පිපුනා

දේදුණු රේඛා දෑසම තවරා
තවමත් මල් සි බලා සිටිනවා
මීදුම් තවරා සුළඟ
ඈතක සවා තුන් සිත
දෑස හොරෙන් ඈත සොයනවා
අඳුර මැදින් එන්න සදලියේ


දේදුණු සායම දෑසම බොඳ කර
මාලති යායක හැලිලා
මාලති යායක හැලිලා
සීතල හිම කඳු යාය පියමැන
දෙව්ලිය සිහිනෙ වැඩියා
දෙව්ලිය සිහිනෙට වැඩියා


  To Download mp3 click here


ගායනය-කසුන් සහ ඉන්ද්‍රචාප

Sanda Sanda wage - Kasun Kalhara

සඳ සඳ වගේ

සඳ සඳ වගේ
තරු තරු වගේ
මල් මල් වගේ
අපි අපි වගේ

ඔබ මා නොවන තුරු
මම ඔබ නොවන තුරු
ඔබ ඔබම දැයි
මම මමම දැයි

සඳ සඳ වගේ
තරු තරු වගේ
මල් මල් වගේ
අපි අපි වගේ


To Download mp3 click here  
ගායනය - කසුන් කල්හාර


Followers