Pages - Menu

Earn Money Online

Showing posts with label Kasun Kalhara. Show all posts
Showing posts with label Kasun Kalhara. Show all posts

Monday, January 5, 2015

Saba Nowena Heena Hari Mihiri - Kasun Kalhara

සැබෑ නොවෙනා හීන හරි මිහිරියි

සැබෑ නොවෙනා හීන හරි මිහිරියි
ක්ෂිතිජයක් සේ රවටලා සිත
සිතින් විතරන් එක්වෙලා
අතීතය දෝතට අරන් අපි
අහස් ගඟටම විසි කළා
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි

එදා අප පියමං කරපු මග
වියෝවක ගී ඉතිරි වී ඇත
එපා සුළඟේ අරන් යන්නට
ඔහේ තිබුණාදෙන්
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි

පහන නිවුනා පහන් පැල මත
ඒ සුවඳ තාමත් රැඳී ඇත
එපා සුළඟේ අරන් යන්නට
ඔහේ තිබුණාදෙන්
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි


MP3 Download



ගායනය - කසුන් කල්හාර
සංගීතය - නාලක අංජන කුමාර
පද - නයනසේන වන්නිනායක

Saturday, October 12, 2013

Adarema Geethayak - Kasun Kalhara

අදරේම ගීතයක්


නුඹ ළඟ මගෙ හිත රැඳුණාට
දින දින දින දැන් ගෙවුණාට
පණ නළ වගේ ඔබ ළඟ මගේ
මගේ හිත මගේ හිත රැඳුනාට

අදරේම ගීතයක්
ආත්මයේ සංගීතයක්
අදරේම ගීතයක් වගේ  //

පෙර වාගේ හවසක
හැකි වුණොත් දවසක
හමු වෙලා ලං වෙලා
ලං වෙලා
ඉන්නට දවසෙම ලංවීලා
ඔබ ළඟ ඔබ ළඟ දැවටීලා

අදරේම ගීතයක් ................

නුඹ නොමැති දවසක
හෙට ඇවිත් කුමටද
වැළපිලා වැළපිලා වෙන් වෙලා
බොරුවට කුමටද දුක් වීලා
නූපන් හෙට දින ගැන හිතලා

අදරේම ගීතයක් ..............

To Download mp3 click here

ගායනය - කසුන් කල්හාර

Friday, February 1, 2013

Adara Mal Wala - Kasun & Indrachapa

ආදර මල් වල


ආදර මල් වල පාට කියන්නද
ඒ වගේ ලස්සන තව නෑ
ඒ වගේ ලස්සන තව නෑ
මීදුම් පිණි පොද දෑස වසන් ක
සමනල් සිහිනය පිපුනා
සමනල් සිහිනය පිපුනා

දේදුණු රේඛා දෑසම තවරා
තවමත් මල් සි බලා සිටිනවා
මීදුම් තවරා සුළඟ
ඈතක සවා තුන් සිත
දෑස හොරෙන් ඈත සොයනවා
අඳුර මැදින් එන්න සදලියේ


දේදුණු සායම දෑසම බොඳ කර
මාලති යායක හැලිලා
මාලති යායක හැලිලා
සීතල හිම කඳු යාය පියමැන
දෙව්ලිය සිහිනෙ වැඩියා
දෙව්ලිය සිහිනෙට වැඩියා


  To Download mp3 click here


ගායනය-කසුන් සහ ඉන්ද්‍රචාප

Sanda Sanda wage - Kasun Kalhara

සඳ සඳ වගේ

සඳ සඳ වගේ
තරු තරු වගේ
මල් මල් වගේ
අපි අපි වගේ

ඔබ මා නොවන තුරු
මම ඔබ නොවන තුරු
ඔබ ඔබම දැයි
මම මමම දැයි

සඳ සඳ වගේ
තරු තරු වගේ
මල් මල් වගේ
අපි අපි වගේ


To Download mp3 click here  
ගායනය - කසුන් කල්හාර


Monday, September 10, 2012

Nawathi Methekin - Kasun Kalhara

නැවතී මෙතෙකින්


නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත
නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා
නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර
කඳුලක් නෙත තනියට නැගුනා

මතකද හැම රෑ පහන් වනතුරා
පැතූ පැතුම් කෙලි සිනා වදන්
දින ගෙවෙනා හැටි අප දැන හිටියා
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්

ඉරණම ලියැවී අප වෙන් කලදා
දෙගුරුන් හමුවේ සිත නිහඬයි
නුඹ මියැදෙන බව දැන දැන සිතකින්
නෙලාගම්ද සොඳුරේ කෙලෙසින්

මා තුරුලට ගෙන සුරතල් කරනට
අහිමි වුවත් මට සොඳුරු වරම් 
අන්සතු උයනක නුඹ හිනැහෙනයුරු
දැක තුටු වෙමි නැවතී මෙතෙකින්

To Download mp3 click here




ගායනය -  කසුන් කල්හාර
පද රචනය - අචල සොලමන්
සංගීතය - කසුන් කල්හාර

Monday, July 2, 2012

Obata mathakada thawama - Kasun kalhara

ඔබට මතකද තවම 



ප්‍රේමයේමං තලාවේ
ප්‍රේමයේ මං තලාවේ

පා සටහන් අප දෙදෙනාගේ
බොහෝදුර ඇදුනු වග


ඔබට මතකද තවම///
තවම

පා සටහන් බෝ ගැඹුරුයි
ආදරේ ආදරේ
පොළවටත් දැනෙන්නැති
දුශ්කරම කාලයෙත් එක ලම ඇවිද ගිය
පා සටහන් අප දෙදෙනාගේ

ඔබට මතකද තවම///
තවම


නිදහසේ ඇවිදයන හැඟීමෙන්

පාර වරදින්න ඇතී
සමුගෙන වෙන් වීමට
ගමන් මග අතරමග උමතු වී
සැරිසැරූ
පා සටහන් අප දෙදෙනාගේ

ඔබට මතකද තවම//
තවම


ප්‍රේමියේ


To Download mp3 click here






ගායනය - කසුන් කල්හාර

Friday, March 23, 2012

Madu Chandra Yame - Kasun Kalhara (Kusa Paba Movie)

මධු චන්ද්‍ර යාමේ





මධු චන්ද්‍ර යාමේ මෝදු වේ
උන්මාදනීය රාත්‍රියේ
අනංග දෙවොලේ දල්වා දීපාවලී
මධු චන්ද්‍ර යාමේ මෝදු වේ 
මධු චන්ද්‍ර යාමේ මෝදු වේ 

වරල සිකිපිල් සෙමෙර සලමින්
නයන නිලුපුල් සුවඳ ඉසිමින්
උරමඩල සියපත් වතින් නිති සරසා
ප්‍රියයාන හදවත තුනු සිරින් සදනු

දෙතොල මීවිත අමා පුදමින්
දෙතන කළසින් පවස නිවමින්
සිරි යහන සුපහස තනා පුලුලුකුලේ
පතිකුලය සුමිහිර සදා රැක වසනු


 මධු චන්ද්‍ර යාමේ...................... 


To Download The mp3 click here.


ගායනය : කසුන් කල්හාර
පද රචනය :
සංගීතය :



Thursday, March 8, 2012

Mal Mitak Thiyanna - Kasun Kalhara

මල් මිටක් තියන්න





මල් මිටක් තියන්න ඔබ අතේ
මට කියා කොයින්ද මල් වනේ
ජීවිතේ විසල් නදී තෙරේ
තුරු හිසත් මලත් ඔබයි මගේ

සොඳුරු කවි ලියාන නෙත් කොනේ
තාරුකා වහින රාත්‍රියේ
ගෙල වටේ එය වෙලී හමා ඇදී නල රැලී

ඔබයි මගේ


මල් මිටක් තියන්න..............


තුරු ලතා පවා දුකින් වගේ
අත වනා හොයන්නෙ ඔබ කොහේ
හැන්දෑවේ වගේ සයුම්ය වී නිදා ඉන්න
මගේ හදේ


මල් මිටක් තියන්න................



To Download mp3 click here




ගායනය - කසුන් කල්හාර
පද රචනය -
සංගීතය -

Adare Kurutu Ga - Kasun Kalhara

ආදරේ කුරුටු ගෑ




ආදරේ කුරුටු ගෑ 
නෙතු පුරා කදුළු අතුරලා
හසඟනාවියේ නුඹ ගියා
නෙතු මානයේ දුක තියා //

පෑ උදුල් නෙතු විලේ සතපවා
මා ඔ‍බේ වසඟයට ගෙන තබා
හසඟනාවියේ ඔබ ගියා
නෙතු මානයේ දුක තියා

ආදරේ කුරුටු ගෑ................//

රෑ අනත් සිහිනයේ සැඟවිලා
හිතගාව මතක මල් වැහි සලා
හසඟනාවියේ ඔබ ගියා
නෙතු මානයේ දුක තියා//



ආදරේ කුරුටු ගෑ................ //


To Download mp3 click here


ගායනය - කසුන් කල්හාර
පද රචනය -
සංගීතය -

Thursday, March 1, 2012

Meedum Dumaraye - Kasun Kalhara

මීදුම් දුමාරයේ





මීදුම් දුමාරයේ සීත හැන්ඳෑ යාමේ
සිහින ඇන්ද සානුවේ
ආශා නැතිද
මාත් එක්ක තනිව ඉන්න
කොළ පාට හැලුනු ඈත නිම්නයේ
කොළ පාට
හැලුනු ඈත නිම්නයේ

නිශා නින්ද ඇහැරවා මල් බිඟුන්ටත් හොරා
ආශා නැතිද මාත් එක් තනිව ඉන්න
කොළ පාට
හැලුනු ඈත නිම්නයේ
කොළ පාට
හැලුනු ඈත නිම්නයේ

වලාවකින් හැඩදමා කූඩාරමක් එහි තනා
ආශා නැතිද මාත් එක් තනිව ඉන්න
කොළ පාට හැරුණු ඈත නිම්නයේ
කොළ පාට හැරුණු ඈත නිම්නයේ



මීදුම් දුමාරයේ............................

To Download mp3 click here.



ගායනය : කසුන් කල්හාර
පද රචනය :
සංගීතය :

Saturday, February 25, 2012

Akasa Gange - Kasun Kalhara

ආකාස ගඟේ 





ආකාස ගඟේ වලාවේ වෙලී
සීමාව සොයා සිසාරා ඇදී
එමි ආදරේ සිත සාදමී
මුදු හාදු දී හද ගිනි නිවමී
සුළඟ හෙමිහිට හැමුවාවේ
කොහෙද ඇය මට කිව්වාවේ
පෑයූව සඳේ ආකාසේ රැඳී
ඈ වාගේ දිලී රිදවයි නුඹ හිනැහී

ඈ ඉන්නා සිහි මැදුරේ
ලා අඳුරේ මේ යාමේ
පාවීදෝ ගී රාවේ
ඒදාහි සන්තාපේ
ඒ හඬනා හඬ දෝ ඇයගේ
දෑසේම පායා රෑ සීන ගේනා
ඈ කෝ සොයා දැවෙමී
පෑයූව සඳේ ආකාසේ රැඳී
ඈ වාගේ දිලී රිදවයි නුඹ හිනැහී

රෑ බෝවී ආවාවේ
දී දුක දී හේමන්තේ
නෑ එන්නේ මල් වාරේ
සරසාලා ඈ හිසකේ
ඈ මතකේ සුසුමේ සිරවේ
දෑසේම පායා රෑ හීන ගේනා
ඈ කෝ සොයා දැවෙමී
පෑයූව සඳේ ආකාසේ රැඳී
ඈ වාගේ දිලී රිදවයි නුඹ හිනැහී

ආකාස ගඟේ..........................



ගායනය : කසුන් කල්හාර
පද රචනය : හිමාලි ලියනගේ
සංගීතය : රාජ්

Friday, February 24, 2012

Hangum Warusawe - Kasun Kalhara

හැඟුම් වරුසාවේ



හැඟුම් වරුසාවේ...........

හැඟුම් වරුසාවේ
තෙමෙන කින්නරියේ
විල තලේ කැළඹේ
සඳ දියේ රහසේ //

තරු ඇස් පියා සැතපී
මිහිදුම් වලා යහනේ
පාට හෙදුනු හීනයක දැවටී
නිදි සුව ලදින්නේ රාත්‍රියේ

මල පෙති සලා සැරසී
නෑ වසන්තය එන්නේ
කුරුටු ගෑ ගිමන්කළ වැතිරී
මුවරද සිඹින්නේ ආදරේ

හැඟුම් වරුසාවේ



To Download mp3 click here.


ගායනය - කසුන් කල්හාර
පද රචනය - ප්‍රභාත් වෙත්තසිංහ
සංගීතය - නාලක අංජන කුමාර


Thursday, February 23, 2012

Math Mal Sena - Kasun Kalhara

මත් මල් සේනා



මත් මල් සේනා පාවේ පාවේ දෑසේ දැවටේ මා
සිත්තම් වීලා මා නෙත් මානේ සෙනෙහේ සුවසේ මා
ලා ඉරේ රන් ගෑවිලා

සදා ස්නේහයේ මල් වැහි වෑහුණා

පිපි හාදු සුළඟේ මුවගාව ගැවසේ
දෙතොලේ ලැගුම් සොය සොයා
සඳ රේණු යායේ මෘදු සීත පිරුණේ
ළංවෙන්න මයි නෙත් පියා
උදාවේ මා
සැඳෑවේ මුදා
නෙක ස්වර්ණ රැස් රඟනා වැහි තිරේ

ඔබ ගාව සීතේ හිත හීන නෙලුවේ
රෑ තුන් යමේ හිත් පුරා
නොදොඩා ම දෑසේ කවි ගීත මැවුණේ
දෙතොලේ සුසුම් උතුරලා
උදාවේ මා සැඳෑවේ මුදා
නෙක ස්වර්ණ රැස් රඟනා වැහි තිරේ



To Download The mp3 click here.






ගායනය - කසුන් කල්හාර
පද රචනය - අචල සොලමන්
සංගීතය -

Wednesday, February 15, 2012

Arambumama Kandulak Wela - Kasun Kalhara

ඇරඹුමම කඳුලක්‌ වෙලා



ඇරඹුමම කඳුලක්‌ වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා //

දුක්‌බරම කවියක්‌ ලියා
එහි පද පෙළක්‌ අඩුවෙන් තියා //
අරුත පසිදින්නට කියා
අවසානයට පෙර ඈ ගියා

ශෝකාන්තය එන තුරා
එහි රැඳෙන්නට සිත් නැති නියා //
අනන්තය ළඟ මා දමා

අවසානයට පෙර ඈ ගියා


ඇරඹුමම කඳුලක්‌ වෙලා..................



To Download The mp3 click here.







ගායනය - කසුන් කල්හාර 
සංගීතය - නාලක අංජන කුමාර
පද රචනය - දිලීප අබේසේකර

Sunday, February 12, 2012

Sihinaya Tharam - Kasun Kalhara Ft Prathibha prabha

සිහිනයට තරම් 


සිහිනයට තරම් තටු නෑ මට නම්
පියඹන්න අරන් නුඹ අහසේ
ආදරය තරම් සියුමැලි මනරම්
සිහිනයක් තියේවිද ලෝකේ

කඳු හිස් මුදුන් කර
තරු ලකුනු වැටෙනා අතර
සිත නුඹම සොයා
වලා බැම්මෙන් ඉගිල යයි
ලොව නිදනා අතර


සයුරක් වී වැතිර
නුඹ සරලි නගනා අතර
කිරි සිනා ගඟත් මියුරු
ලොකෙන් අරං යයි
ඉන්නවාද ඇහැර


සිහිනයට තරම්........



කඳුලක් ලඟට දුර
තව දුරස් කලේ නුඹය
වැහි ඇල්ලක් වගේ
සොඳුරු සිහිලක් ගෙනා මට
ජීවිතයේ කතර


සෙනෙහස් සිහින මල්
හැම සැබෑ කෙරූ සසර
නුඹ සදකි
රුවන් කුමුදු යායක්
පුබුදු කර මා හද කල සුවඳ



සිහිනයට තරම් ........





ගායනය - කසුන් කල්හාර
පද රචනය -
සංගීතය -  


Sunday, January 29, 2012

Sanda Ona (Masha) - Kasun Kalhara

සඳ ඕනා (මාෂා) - Kasun Kalhara 



සඳ ඕනා නුරා තොල්පෙති ඇති සීතල සඳ ඕනා
හිත ඕනා උරා මල් පෙති ඇති රූ හිත මට ඕනා
අර පේනා ඈතින් පායා අරුමෝසම් පෑ නිල් සඳ ඕනා
ඈතින් පේනා අහසේ පායා අරුමෝසම් පෑ ...................

මාෂා සොයා දාමා නොයා බලා හිඳී මේ දෙනෙත් විදාලා//

දේදුන්නේ නෑ සායම් ගෑ මායම් නෑ තාමත් කාගේද නෑ
ඒ මූණේ ගෑ වත්සුණු නෑ තවරා නෑ කිඳුරන් වාගේම නෑ
නවතාලා හිත විමසාලා තරු ඉඟි පාලා ඈ මට ඕනා
ඈ නවතාලා තරු ඉඟි පාලා හිත විමසාලා..................

ඈ වීනා රෑ ඕනෑ නෑ තාමත් ඈ දුර නෑ
ආකාසේ රෑ තහනම් නෑ අහුරන්නෑ තාමත් ඈ ළඟ නෑ
කොඳුරාලා රහසින් කීවා තව ලන්වීලා සිපගන් ඕනා
ඈ කොඳුරාලා රහසින් කීවා තව ලන්වීලා.............

මාෂා වෙනදා මෙන් රතු තොල් පෙති දැනුනේ නෑ
සැලුනේ නෑ වෙනදාමෙන් ඔය නෙතඟන සැලුනේ නෑ
අහසේ නෑ සිතිජ ඉමේ නෑ නෙත් මානේ නෑ අයෙත් එන්නෑ
රෑ අහසේ නෑ සිතිජ ඉමේ නෑ නෙත් මානේ නෑ..................

මාෂා සොයා සියතුන් පවා ඔහේ ගියා පියාපත් විදාලා//



To Download mp3 click here.



ගායනය - කසුන් කල්හාර
පද රචනය - ලක්මාල් වීරසිරි 
සංගීතය -  කසුන් කල්හාර

Followers