Pages - Menu

Earn Money Online

Showing posts with label Radeesh Vandabona. Show all posts
Showing posts with label Radeesh Vandabona. Show all posts

Monday, February 6, 2012

Mage Sihina Heena Tharu Kakuli - Radeesh Vandabona

මගෙ සිහින හීන තරු කැකුලී



මගෙ සිහින හීන තරු කැකුලී මා ලඟින් ඉඳං
තරු නීල ආකහෙන් එබී පේ වෙලා බලන්
ඔබේ නීල නෙතු පියන් වසා කෝල වූ මුවින්
මේ ඒ නිමේෂයේ ආදරේ කියන්...........

දඟකාර යව්වනී නෙතු කෝල නංවමී
මතුදාක ලන්වෙමී ලන්වෙමී ලන්වෙමී
රතු රෝස කම්බුමින් හසරැල් ගඟුල් සැලී
නොනිදා සිතුම් හිදී ඒ ඈ.................

මට දුන්න ඒ හැගුම් නොකරන්න හද රිදුම්
කිසිදාක වෙන් නොවී වෙන් නොවී වෙන් නොවී
සොඳුරුයි ඒ වදන් නුහුරුයි ඒ සිතුම්
මිහිරියි හැගුම් විදියි ඒ ඈ.......

මගෙ සිහින හීන තරු කැකුලී................



To Download The mp3 click here.




ගායනය - රදීෂ් වැන්දබෝන
පද රචනය - බන්දුල හෙට්ටිආරච්චි
සංගීතය -   රදීෂ් වැන්දබෝන

Friday, January 27, 2012

Hiru Ebena Guru Pare

හිරු එබෙනා ගුරු පාරේ -  Radeesh Vandabona



හිරු එබෙනා ගුරු පාරේ
සුදු සමනල රෑනක් වාගේ
යෙහෙළියෝ හා ඔබ එනවා
සුදු සීත මීදුම් යායේ
ඔය සිනහා මන බඳිනා
නෙතු දැහැනේ වෙලුනා මාගේ
මට හැඟුනා මට දැනුනා
ඔබ සමන් පිච්ච මල වාගේ
මේ ඉස්සර දවසක රහසේ
මට අහන්න හිතුනා විගසේ
මගෙ පුංචි කුමාරිය වෙයිදෝ ඔබ නේදෝ
ආදරී ආදරී.................

නිදි දෙව්දුවට හොරින් නී නෙතු පිය අද්දර ඉන්නේ
රහසින් එබී බලන්නී යලි සැඟවී යන්නී
අහසට හිරු ඕනෑමයි - පොළොවට දිය ඕනෑමයි
මා ජීවිතෙත් ඔබමයි - මේ නෙතු පියෙනා තුරා

අඳුරුයි ඒ සැන්දෑවේ
අප හමුවූ ගුරු පාරේ
කඳුලින් ඔබ සමු ගත්තේ
නිහඬයි අඳුරුයි මා ලෝකේ

කඳුලට ඉඩ දී යන්නම්
හීනෙන් වත් එනවා නම්
මා සිහිනේ රැඳිලා ඉන්නම්
හීනෙන් හමුවන්නම්

හිරු එබෙනා ගුරු පාරේ..............................



To  Download mp3 click here.



ගායනය -  රදීෂ් වැන්දබෝන
පද රචනය - බන්දුල හෙට්ටිආරච්චි
සංගීතය - රදීෂ් වැන්දබෝන

Followers