සොඳුරිය
සොඳුරිය කාලය කොතරම් නපුරුද
දිවි හිමියෙන් කදුළැළි පුරවා ගෙන
රැකගත් ආලය උදුරා ගෙන ගිය
කාලය කොතරම් නපුරුද සොඳුරිය
පෙරුම් පුරා දුක සේ ගලපා ගත්
කවිය ඔබම වී නැළවුන යුගයක
හද රැඳි ඔබ රුව සිහිනෙක වත් නැත
ඒ රුව කොතරම් මිහිරි ද සොඳුරිය
සොඳුරිය
ලොවට හොරා විළි ලා බිහි කරගත්
වසන්තයේ සඳ මියැදුන දවසක
බෙදා හදා ගත් දුක වත් අද නැත
ඒ දුක කොතරම් මිහිරි ද සොඳුරිය
ගායනය - අමරසිරි පීරිස්
To Download the mp3 Click here
ඇය යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවනැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා
පිණි කඳුල මල පෙති අග තවරා
මිහිදුම් සලුවෙන් මුහුණ වසා
නිල්ල නිලන නිල් කඳු වැටි අතරේ
සඳ එළියේ මංපෙත පාදා
රහසක් සඟවා ගොලුවූ හදකින්
යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා.........
යළි කවදාවත් හමු නොවනා බව
මද පවනක් හිස අත ගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසි දින
ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර
ඇය යන්න ගියා මැකිලා.........
To Download mp3 click here
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය -
සංගීතය -
කාත් කවුරුවත් නැති බව
කාත් කවුරුවත් නැති බව දැන දැන
මාත් මගේ හිතත් රාත්‍රියක තියලානුඹත් ගියා නම් හෙටක් තියේවිද
මටත් ඉරක් නැගෙනා
සාංකාව ඇහරෙන ගන අදුරේ
ආත්මයම මගේ රාත්‍රියම වැන්නේ
ඈත් වෙන්න නම්
ඇයි තුරුලෙම උන්නේ
වේදනාව ඇවිලෙන දිවි කතරේ
දෑස් ඇරන් හිඳ තවත් පලක් නැත්තෙ
ඒත් කියන්නම්
හමුවෙමු මතු භවයේ
කාත් කවුරුවත් නැති...............
To Download mp3 click here
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය -
සංගීතය -
මලක් උනේ ඇයි නුඹ මට
මලක් උනේ ඇයි නුඹ මට
ජීවිතයට සුවඳ සලන
එනමුදු සිප ගන්නට තහනම්
විලක් උනේ ඇයි නුඹ මට
ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්
පහන් තාරකාවක් සේ
ජීවිතයට මග කීවද
ඒ එළියෙන් මහද පහන්
දල්වනු කෙලෙසින්
මලක් උනේ ඇයි නුඹ මට........
සහන් ගීතිකාවක් සේ
ජීවිතයේ ගිම් නිව්වද
ඒ ගීයේ සොඳුරු වදන්
මුමුනණු කෙලෙසින්
මලක් උනේ ඇයි නුඹ මට.........
To Download mp3 click here.
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය -
සංගීතය -
ඉකි ගසා හඬන
ඉකි ගසා හඬන අතීතයක
කඳුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා
හීනෙන් හිනැහී තුන්යම මා රවටා
මැදියම් මහා රෑ අදටත් හිත ඉගිලෙනවා
නින්දෙන් ඇහැරී කලුවරේම යලි සොයනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා
රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
සුසුමින් විතරක් නිරතුරුවම පිරි මදිනා
උහුලනු බැරි තැන උණු කඳුළුම වගුරුවනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා ///
To Download mp3 click here.
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය -
සංගීතය -
හන්තානට පායන හඳ
හන්තානට පායන හඳ
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න //
අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න //
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න
ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න //
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න
හන්තානට පායන හඳ //
To Download mp3 click here.
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය -
සංගීතය -
ළඳුනේ
ළඳුනේ... ළඳුනේ...
ඔබේ දෑස දැකගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ
දෙනෝ දහක් අත ගත්තද
සැමියෙකු නැති ළඳුනේ
නෑයෙක් නෑකම නොකියන
වීදි සරණ ළඳුනේ..
තෙල් මල් ගෙන දෝත පුරා
මුනිකුටියට පියමං වන
ඔබේ දෑස දැක ගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ... ළඳුනේ....
බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්රම යන පාර අහන
ඔබ ද පටාචාරාවකී
ඔබ ද කිසාගෝතමියකි
පිරිමින්ගෙ පාප කඳට
දෝස විඳින ළඳුනේ
අඳුරේ පව් කරන දනා
එළියෙ රවන ළඳුනේ
ළැම පමණක් ලොවට පෙනෙන
ළය නොපෙනෙන ළඳුනේ
කුහුඹුවකුට වරදක් නැති
වැරදිකාර ළඳුනේ
To Download mp3 click here.
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - රංබණ්ඩා සෙනවිරත්න
සංගීතය - ප්‍රේමසිරි කේමදාස