සාගරේ තරම් ආදරේ අරන්
සරා සිහිනයේ නැවතිලා
පිරූ මතකයෙන් සිනා මල් හොයන්
පැතු සේ මා සිතුම් පූදලා
නුරා මල් හැඟුම් ඇහැරලා
සදා ජීවිතේ නුඹ වෙලා
ආදර කවියේ දුරක ගිහිල්ලා
ජීවිත හීනෙට පාටක් දුන්නා
හී සර හිත යට කොනකින් තියලා
සුළඟට ඒ පෙම් කතාව කිව්වා
තනිකම රෑ තුරුලේ උන්දා
හොරෙන්ම ඇවිදින් හිටියද මන්දා
සාගරේ තරම්.............................
පාවෙන සුසුමේ උණුහුම හංගා
හීතල දෙතොලින් දෙකොපුල ඉම්බා
සාගර රල හා තනුවක රන්දා
ආදරණීයම කවියක් ලිව්වා
ඇසිපිය ගෑ ඒ හීනේ දුටුදා
සෙනෙහෙට ගැඹුරක් කොහෙන්ද මන්දා
සාගරේ තරම්.............................
To Download mp3 click here.
ගායනය - ධම්මික එදිරිසංහ
පද රචනය - තිලින රණතුංග
සංගීතය - රකිත වකිස්ට
No comments:
Post a Comment