හිත හදා ගන්න බෑ
හිත හදා ගන්න බෑ ඔබෙන් ලද දුක දරා ගන්න බෑඔබ මගේ වෙන්නෙ නෑ ඉතින් යලි අපි අපේ වෙන්නෙ නෑ
මා හැර හිතකට පෙම් කරලා ආදරේ හැර යනවා
මා සදා හඬනවා මාරුතේ දුක දරා
හිත හදා ගන්න බෑ ඔබෙන් ලද දුක දරා ගන්න බෑ
ආදරය වී ජීවිතය දී මාගේ ලඟ උන්නු වෙලේ
කීව හැම දේ තාම සිහිවේ පාළු වුණූ ලෝකේ මාගේ
හීන කඳුළින් තෙමා ඈත සැඟවී ඔයා මාව අඳුරේ හෙළා
දෑස ලඟ අද නෑ මගේ මා සදා හඬනවා මාරුතේ දුක දරා
හීන වියකී දෑස නොපෙනී කාටදෝ ඔබව හිමි වී
මාව තනිවී දෑස බොඳවී කාට පවසම්ද මේ දේ
ජීවිතය පාවෙලා ආදරය රෑ දිවා මාව හැර දා සදා
ඈත යනවද මේ යාමේ මා සදා හඬනවා මාරුතේ දුක දරා
හිත හදා ගන්න බෑ...........................................
To Download mp3 click here
ගායනය - චාමික සිරිමාන්න
පද රචනය - සජිත් වී චතුරංග
සංගීතය - කපිල්
No comments:
Post a Comment