හිරු විකසිත වී මියයන පොළවේ
හිරු විකසිත වී මියයන පොළවේඑළිය අඳුර සම සමව බෙදයි
ගත පණ නළ වන් රුධිරය මවුගේ
කිරට හැරී කුසගිනි දුරලයි
සමුදු වදන් සවනත පාවේ
බිළිඳු ඔබේ තුරුලේ සැතපී
ලෝකය බිහිකල මවුනේ මගේ
නුඹේ නමට මුළු ලොවම වඳී
හිරු විකසිත වී....................
හද මඩලේ සෙනෙහස් කඳුලින්
සුදු බුදු රැස් විහිදුනි අහසේ
එවන් මහිමයක් ලොවට උදාකල
මවුනි ඔබට මුළු ලොවම ගැතියි
හිරු විකසිත වී.........................
ගායනය - අසංක ප්‍රියමන්ත පීරිස්
No comments:
Post a Comment