කොළොම්තොට නැත මහළු වී
කොළොම්තොට නැත මහළු වීඅවන් හල නැත පැරණි වී
එදා හඳමයි අදත් යෞවනයේ
එහෙත් අප දෙන්නා
බලන් කැඩපත සොඳුරියේ
පෙරුම් පුරමින් හමුවෙලා
උනුන් රහසින් බැන්ද ආදර පෙම්
බලන් කැඩපත සොඳුරියේ
පාට වත්සුණු දෙකොපුලෙන් පිසදා
කොළොම්තොට........
කුඹ ගසක් උඩ නැවතිලා
සිනා තලමින් සඳේ ඇයි සරදම්
බලන් කැඩපත සොඳුරියේ
කුමන අරුමද නර කෙසක් නැගිලා
කොළොම්තොට.......
ගායනය - ඩබ්ලිව්. ඩි. අමරදේව
සංගීතය - ගුණදාස කපුගේ
පද - ලුෂන් බුලත්සිංහල
No comments:
Post a Comment