Pages - Menu

Earn Money Online

Wednesday, January 7, 2015

Dura Atha Sulangeda - Uresha & Udaya Sri

දුර ඈත සුලඟේද

දුර ඈත සුලඟේද පාවී හමන්නේ
උපනූපන් හැම වාරයේ
මුදු සීත
සුවඳේද මුසුවී දැනෙන්නේ
සංසාර ආරන්යයේ

බිඟු ගායනා සොයා මේ
පෙර ඇසුරදෝ හැඟෙන්නේ
උන්මාද යෞවනය විසිරී ගියාවේ
මේ රම්‍ය මිටියාවතේ

ප්‍රියයානනේ හද විල් ජලේ ඉපිලී නැගේ තරංගා
බොඳ මීදුමේ නෙතු මායිමේ සැඟවී පිපේ ප්‍රාර්ථනා
තුරුවැල් විමානේ රැව් දෙන්නේ 
මේ විහඟ ගී ගායනා

ගිම්හානයේ හේමන්තයේ ඔබමයි මගේ වසන්තේ
සිහිලැල් නොවේ වස්සානයේ උනුහුම පිරේ පෙම්සිතේ
කවිකම් විලාසෙන් ලියවෙන්නේ
මේ සොදුරු සන්ගායනා

දුර ඈත සුලඟේද පාවී හමන්නේ........

MP3 Download 



ගායනය - උරේෂා රවිහාරි & උදය ශ්‍රී

No comments:

Post a Comment

Followers