Pages - Menu

Earn Money Online

Sunday, February 26, 2012

Perada Mawu Sina - Shihan Mihiranga

පෙරදා මැවූ සිනා



පෙරදා මැවූ සිනා
සැඟවී කොහේ ගියාදෝ
ඔබ ළඟින් උන්නු කාලේ
සුන්දරයි ජීවිතේ
පෙරදා ‍මැවූ සිනා //

මේ සීත පවනැල්ලේ
සිත සීතලෙන් ගැහෙන්නේ
මල් නොපිපෙනා වසන්තේ
උණුසුම් හැඟුම් සිර වී
ඔබගේ සෙනේ මවෙතින් මීදී
ලතවේවි නම් මේ ජීවිතේ
නොපිපෙන්න හිරු ආයේ
කිසිදා මෙසේ

පෙරදා මැවූ සිනා...........//

මේ නීල තරු ගොල්ලේ
සඳ පාළුවෙන් සරන්නේ
රෑ කළුවරේ ගිලෙන්නේ
සිහිනේ දසුන් බොඳවී
ඔබගේ රුවින් ස්වරයෙන් මිදී
ගොළුවේවි නම් මේ ආදරේ
නොපිපෙන්න හිරු ආයේ
කිසිදා මෙසේ
පෙරදා මැවූ සිනා...............//


To Download The mp3 click here.






ගායනය : ශිහාන් මිහිරංග
පද රචනය : නිලාර් එන්. කාසිම්
සංගීතය : මහේෂ් දෙනිපිටිය

No comments:

Post a Comment

Followers