මල් මද හාස පීදෙනා
මල් මද හාස පීදෙනානිල් නෙතු ඈගේ වාසනා
සෙනෙහස පෑවා ලං වීලා
දුටුවම දෑස පෑ සිනා
හද රැඳි ශෝක වේදනා
සැනකින් යාවි හැන්ගීලා
ඇය මගෙ ජීවෙ පෙම් ලෝකේ
එක මග ආවෙ සංසාරේ
නිදැල්ලේ සරන්නේ මා හා
වසන්තේ පෙමින් ලං වීලා
මල් මද හාස පීදෙනා
නිල් නෙතු ඈගේ වාසනා
සෙනෙහස පෑවා ලං වීලා
දුටුවම දෑස පෑ සිනා
හද රැඳි ශෝක වේදනා
සැනකින් යාවි හැන්ගීලා
රුව දැක ඈගේ මල් වාරේ
බඹරුන් ඒවි සංචාරේ
ගයන්නේ රඟන්නේ ඈ හා
බිඟුන් ඒ රුවින් මත් වීලා
මල් මද හාස පීදෙනා.........
To Download mp3 click here
ගායනය - රන්දීර් & භාතිය