බලා ඉන්නම්
බලා ඉන්නම් කල්ප ගානක් උනත් මංඑදා කී කතා සිත පතුලේ තියා //
ඔබ හැර ගිය පෙම්බර හිත
තනියෙන් ඉකි බින්දා
හද මඩලේ ඔය රුව මා
ගෙත්තම් කෙරුවා //
ඔබට මා පෙම් කළා රිදවලා හැර ගියා
ඔය මුවේ මුදු සිනා මැවෙනවා පෙනෙනවා
බලා ඉන්නම් .........
මගෙමයි කියු දිගු දෙනයන
අද මට හිමි නැතුවා
මුළු ලොව මට ලැබුනත් මදි
ඔබ නැති හින්දා //
ඔබට මා පෙම් කළා රිදවලා හැර ගියා
ඔය මුවේ මුදු සිනා මැවෙනවා පෙනෙනවා
බලා ඉන්නම් ........
To Download the mp3 Click here
ගායනය -රොමේෂ් සුගතපාල