Pages - Menu

Earn Money Online

Sunday, August 19, 2012

Hada Ganna Me Hitha Mage - Centigradz

හදාගන්න මේ හිත මාගේ

හදාගන්න මේ හිත මාගේ හිනාවෙන්න මා රවටා
දමායන්න දෝ ලං වුයේ කියා දෙන්න වරද සොයා
එදා දුන්න ආදර ලෝකේ හදේ ගැස්ම දෝරෙ ගලා

හමා යන්න මාරුත ගින්නේ සදාකල්ම අතැර දමා

ඔය තුරුලේ මුදු දෙතොලේ සුවයහනේ හාදු තියා
නෙතු නොනිදා ඔබම සිතා සැනසුනදා නෑ ආයේ එන්නේ //


[Rap]

මේ දෑසේ ඔබ හා මා උන් කාලේ සිහිවූවා
පායා ආ තරු සිඳුනා සන්තාපේ මා වේලුනා
නෑ මා නම් හැඬවූයේ සංසාරේ රිදවූයේ
ජිවිතයේ සැනසුවේ ආදරයේ අරුමේද මේ

නෑ මා නම් හැඬවූයේ සංසාරේ රිදවූයේ
ජිවිතයේ සැනසූවේ ආදරයේ අරුමේද මේ
ඔය තුරුලේ මුදු දෙතොලේ සුවයහනේ හාදු තියා
නෙතු නොනිදා ඔබම සිතා සැනසුනදා නෑ ආයේ එන්නේ //


To Download mp3 click here



ගායනය -  Centigradz
පද රචනය -  සජිත් දිල්පහන්
සංගීතය - තුසිත නිරෝෂන්

Friday, August 17, 2012

Ma Dasa Na Nidi - Dinesh Tharanga

මා දෑස නෑ නිදී


මා දෑස නෑ නිදී ඔහු තුරුලේ ඔබ හිඳී
මේ යහන ඉඩ වැඩී පෙරදාක රෑ විඳී //
ඔබේ රුවට ගුලි වේවී
බොඳ වෙයිද කදුලක් වැටී
මා දෑස නෑ නිදී මා දෑස නෑ නිදී

මතකයිද ඒ දිනේ දිව්රා පුජාසනේ
ඔබ කීවා ඔබෙ ආදරේ
දෑගිලි ද පැටලුනේ සීතලට ලං වුනේ
මුළු රෑම නිදි නැති වුනේ
ඒ සොඳුරු සේයා ඔබ පෑව මායා
කඳුලක්ව හිත පෑරුවේ
ඔබ යන්න ගිය දා මා හැඬුවේ ඉකි ගා

ඔබ නැවතුනේ නෑ ප්‍රියේ

මා දෑස නෑ නිදී ..........................

මනමාල යයි කියා ඔච්චම් කලා ඔයා
මා නම් නෑ ඔබ රැවටුවේ
අරුමෝසම් වැහි නිසා
ඔබේ සුවඳ දිය වුනා
හද කෑ ගසා වැලපුනේ
ඒ සොඳුරු සේයා ඔබ පෑව මායා
කඳුලක්ව හිත පෑරුවේ

ඔබ යන්න ගිය දා මා හැඬුවේ ඉකි ගා
ඔබ නැවතුනේ නෑ ප්‍රියේ

මා දෑස නෑ නිදී................ 

To Download mp3 click here



ගායනය - දිනේෂ් තරංග
පද රචනය - සම්පත් ප්‍රනාන්දුපුල්ලේ
සංගීතය - චතුරංග ද සිල්වා


Followers