Pages - Menu

Earn Money Online

Friday, September 14, 2012

Eda Meda Thura - Sanath Nandasiri

එදා මෙදා තුර


එදා මෙදා තුර කදුලට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
ලයේ ගලාගිය ‍සෙනේහයේ සුව
සිනා පිරුණු රත් දෙතොල් පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ලයේ බැඳ අවසන් ගමනක
සොඳුරිය මට‍ නොකියාම ගියා

දෑස් කවුළු පත් පලා කදුලු කැට
වෑහෙද්දී මගෙ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි
ඈත් නොවේමයි ඒ සුවඳින්

එදා මෙදා තුර ....................

ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ලයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි
ආදර ලෝකය හෙටත් තියේ
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත
ඇයි මේ ‍ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත් ඇත්නම්
මේ අපි ඉපදෙමු එකට ප්‍රියේ

එදා මෙදා තුර.....................

To Download mp3 click here


ගායනය - සනත් නන්දසිරි 
පද රචනය - විමල් ජයශාන්ත

Monday, September 10, 2012

Nawathi Methekin - Kasun Kalhara

නැවතී මෙතෙකින්


නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත
නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා
නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර
කඳුලක් නෙත තනියට නැගුනා

මතකද හැම රෑ පහන් වනතුරා
පැතූ පැතුම් කෙලි සිනා වදන්
දින ගෙවෙනා හැටි අප දැන හිටියා
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්

ඉරණම ලියැවී අප වෙන් කලදා
දෙගුරුන් හමුවේ සිත නිහඬයි
නුඹ මියැදෙන බව දැන දැන සිතකින්
නෙලාගම්ද සොඳුරේ කෙලෙසින්

මා තුරුලට ගෙන සුරතල් කරනට
අහිමි වුවත් මට සොඳුරු වරම් 
අන්සතු උයනක නුඹ හිනැහෙනයුරු
දැක තුටු වෙමි නැවතී මෙතෙකින්

To Download mp3 click here




ගායනය -  කසුන් කල්හාර
පද රචනය - අචල සොලමන්
සංගීතය - කසුන් කල්හාර

Followers