හිත අස්සට හීන ගොඩක්
හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න
ඹය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහොම
සුළඟ වගෙ මා අතහැර දුරක යන්නට
වරද මගේ රත්තරනේ කියලා දෙන්න
කඳුලක් කඳුලක් ගානේ පෙම දියකරලා
සුසුමක් ගානේ හදවත දුක් ගිනි අවුලා
අමතක කර ලන්නට බෑ මට නම් කිසිදා
ආදරේ කියා දුන්නු ආදරී ඔයා
තැවුනත් දැවුනත් මියගිය පෙම සිහිකරලා
සුවඳක්වත් නෑ මතකයේ අදනම් රැඳිලා
අමතක කර ලන්නට බෑ මට නම් කිසිදා
ජීවිතේ කියා දුන්නු ආදරී ඔයා
හිත අස්සට හීන ගොඩක්........................
To Download mp3 click here
ගායනය - අතුල අධිකාරි
මේ සෞම්‍ය රාත්‍රීය
මේ සෞම්‍ය රාත්‍රීය ගෙවිලා යතී
කිම තාම නාවේ මගේ ශ්‍රීමතී //
රමණී හැඟුම් පෑ උතුම් දර්ශනේ
රන් තාරකා හා ගියා සේ පෙනේ //
සේපාලිකා සේපාලිකා
මාගේ අමානන්ද මේ කෝ අනේ
කිම තාම නාවේ මගේ ශ්‍රීමතී
මේ සෞම්‍ය රාත්‍රිය................//
සංකාව හෘදේහි ඒවී ගලාලා
කොයි වේලෙ ඒදෝ කියාලා බලාලා //
ආනන්ද රාත්‍රි සෞම්‍ය කාන්ති
මා ආදරීගෙ වියෝවින් පෙළේ
කිම තාම නාවේ මගේ ශ්‍රීමතී
මේ සෞම්‍ය රාත්‍රිය................. //
To Download original mp3 click here
To Download The Remake Click Here
ගායනය - ධර්මදාස වල්පොල