Pages - Menu

Earn Money Online

Saturday, July 13, 2013

Kandulu Pirila - Udaya Sri

කඳුළු පිරිලා

කඳුළු පිරිලා දෙනෙත තෙමිලා සිනිදු හිත පෑරිලා
ඔබම සොයලා රැයම ගෙවිලා සිහින අවතැන්වෙලා
හමුවන්න බෑ ඔයා සැඟවී මෙදා
තනිවන්න බෑ මගේ හුස්මත් ඔයා

රතුපාට වෙරළේ පා පොඩි තියා
පපුවේ තුරුල්ලේ සෙනෙහස උරා
හැබැහින්ද කිව්වේ ඔබ මගේ තමා
තාමත් අතීතේ මා නැවතිලා

යළි නොඑන සෙනෙහේ මග හමුවෙලා
මට ගැයුව ගීතේ ඔහු හා ගයා
හිතකින්ද යන්නේ ඔබ හිනැහිලා
තාමත් අතීතේ මා නැවතිලා

To Download mp3 click here 

ගායනය - උදය ශ්‍රී

Saturday, June 8, 2013

Ayeth Handanna - Theekshana Anuradha


ආයෙත් හඬන්න 

ආයෙත් හඬන්න කඳුලක් උනන්න ඇයි අපි මේ හමුවන්නේ
හිමි නැති ඔයාව හිත යට තියාන දුක් විදලයි හිත හැදුනේ
ඔබ හිනැහෙන්න ඔබේ රජ දහනේ මං තාමත් මගේ තනි හීනේ
දුප්පත් කමට නෑ හිමි ප්‍රේමේ ඒකයි මං ඔබෙන් වෙන් වෙන්නේ
 

ආඩම්බර රුව දැකලා සිත අයෙත් උමතුවෙලා
සඟවන්නට බෑ කිසිදා පුංචි පෙම්වත් කථා
අපේම ලොවේදි අපි මුන ගැසේවී සිතමින් පෙම්කරලා
ඔබ දුර ඇදේවි මං ඉකි බිඳීවි අපි ඈතයි සැමදා

 
ආයෙත් හඬන්න......................................................

සදාතනික පෙම පතලා තනිකඩ සිත මුලා වෙලා
ඇති නැති දුර දුරක තියා සත්තමයි පෙම් කළා
අපේම ලොවේදි අපි මුණ ගැසේවි සිතමින් පෙම් කරලා
ඔබ දුර ඇදේවි මං ඉකි බිඳීවි අපි ඈතයි සැමදා



ආයෙත් හඬන්............................................................ 

To Download MP3 Click Here 
 


ගායනය - තීක්ෂණ අනුරාධ

Followers