Pages - Menu

Earn Money Online

Wednesday, March 12, 2014

Aye Enna Pana Mage - Chamika Sirimanne

ආයේ එන්න පණ මාගේ


ආයේ එන්න පණ මාගේ ආදරේ අරන්
ජීවත් වෙන්න බෑ වාගේ පාළුවේ තවත්
කඳුලැල් මවා නෙතේ මොනවාද අත් වුනේ
පවසන්න ඇයි මෙසේ 

සෙනෙහස තාමත් නොහැඟුනේ

තනිකම මැදින් එදා

සමනල් රටා මවා
වචනෙන් නොකී කතා 

හොරකම් කළා ඔයා
හීනෙන් හැඬුවේ

දුකටයි රහසේ 
තනිවී දිවියේ

ආයේ එන්න පණ මාගේ . . . . .

හසරැල් මතක් වෙලා 

නිතැතින් සුසුම් හෙළා 
කඳුලින් නුවන් තෙමා

දෙනෙතත් ගිලන් වෙලා
පූජාසනයේ මා නම් පැතුවේ

ඔබමයි සසරේ 

ආයේ එන්න පණ මාගේ . . . . . . . 


ගායනය - චාමික සිරිමාන්න


Wednesday, February 19, 2014

Handuman - Centigradz

හැඟුමන්

ඇසිපිය නටයි
ඔබ දුටුවම හැඩකාරියේ
සිත උමතු වෙයි
ඔබෙ රුව නිසා දඟකාරියේ

මුහුණේ පෙම්පාට
සිරුරේ පින්පාට
දුටු මගේ සිල් බිඳෙයි
සිතැඟි කිති කවන
ඔබෙ මුකුළු දැලට
බැඳෙමි සත්තයි ලඳේ

සුපෙම් ශෘංගාරියේ
ඔබේ ඔය දෑසින් විහිදෙනා
හැඟුම් රැඟුමන් පිරී
පිටාරේ යයි මගේ ආදරේ



ගායනය - Centigradz

Followers