Pages - Menu

Earn Money Online

Thursday, January 25, 2018

Senehasakata Aruthak Purawannata - Asanka Priyamatha Pieris

සෙනෙහසකට අරුතක් පුරවන්නට

සෙනෙහසකට අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා
වෙරලේ රළ මැන්නා
සීමාවක් මායිමක් නැතැයි කී
සෙනෙහස ඇයි දෙතැනක තනිවී

කැකුළක් සිඳුනින් හදවත පිපුණූ
කඳුලෙත් අතුමත විස තිබුණා
බිඳුනොත් බඳුනක පිළියම් කරනට
බැරි කැළලක් මතුවී පෙනෙනා

සෙනෙහසකට අරුතක් //

පවකින් පෙර අත් භවයක සිදුවූ
සිතකින් සිතකට දුක පිරුණා
මගෙ අත දිගු කළ හැකි හැම තැනදී
ඔබ අත මා දුරකින් තිබුණා

සෙනෙහසකට අරුතක් //

ගායනය : අසංක ප්‍රියමන්ත පීරිස්
පද රචනය : ප්‍රනීත් අබේසුන්දර
සංගීතය : මහින්ද බණ්ඩාර

Wednesday, February 3, 2016

Aradhana Nethagin Gena ( Unuhuma 2) - Tehan Perera

ආරාධනා නෙතගින් ගෙනා


ආරාධනා නෙතගින් ගෙනා
සංසාර සිහීනේ දෙහද යා කරා
හංගා ගෙනා මල් අතුරලා
දෙව්ලිය මගේ කොහෙද හැංගිලා
ඔය දෙකොපුල් තෙමා රන් නා දලු සිඹිම්
මම දෙනුවන් වසා නුඹ අහසින් වඩ්ම්


සන්සුන් සිතින් පෙර මග ඉමි බලන්

මගේ රණහංසි ඒදෝ කියා
දෙව්ලොව ඉඳන් නුඔ මට අත වනම්

මගේ පතිනියනි ආදරේයිනෙ මා

හුස්මත් උණුයි කඳුළුත් හඬයි
මට ඉන්න බෑ හරිම පාලුයි
මතකය නුඹයි එතකොට දුකයි
දිවිගෙවෙනවාදෝ හරි සැකයි
මේ කුලු මතින් රිදී ඉර නුඹයි
මං දන්නවා නුඹ නොඑනා හැඩයි


සන්සුන් සිතින් පෙර මග ඉමි බලන්
මගේ රණහංසි ඒදෝ කියා
දෙව්ලොව ඉඳන් නුඔ මට අත වනම්

මගේ පතිනියනි ආදරේයිනෙ මා




ගායනය: ටෙහාන් පෙරේරා

Followers