Pages - Menu

Earn Money Online

Thursday, January 25, 2018

Duwani (Hithanawa Mamath) - Mihindu Ariyarathne

 දුවනී (හිතනවා මමත් පියෙකු වූ වැයි)

හිතනවා මමත් පියෙකු වූ වැයි
පෙර පෙම් කෙරූ ඇය මවක් වූව දවසේ
කුළුදුලේ ඇය වැදුවේ මගේ සිහිනේ
හිමි නැතත් මට වන්නට පිය උරුමේ
නොවුනත් ඇය මගේ දුවණී
අපි මැව් සිහිනේ සිටියේ ඇයයි
අපි මැවූ සිහිනේ නිම් හිම් සොයා
අද උනත් මා සිතින් යනෙනා නිසා
නම නොදන්න මාගේ දුවණී
මා නොදන්න මාගේ දුවණී
අපගේ හීනේ හැඩ කෙරූ කුමරී

පෙම්වතී ඇය පෙර මගේ ලෝකයේ
වෙන්ව ගියේ අපි පිනක් මදි වී නොවේ
ඇය මවක් වී අද ගොඩනැගූ ලෝකයේ
ඇයත් ඔබවත් හදවතින් මගේ වගේ
දුර ඉඳන් හිත තුටින් ඉන්නම් බලා
මා නැතත් ඔබ හොඳින් ඉන්නා නිසා
නම නොදන්න මාගේ දුවණී
මා නොදන්න මාගේ දුවණී
අපගේ හීනේ හැඩ කෙරූ කුමරී

ගායනය : මිහිඳු ආරියරත්න
ගේය පද : මනුරංග විජේසේකර
සංගීතය : අශාන් ප්‍රනාන්දු

Thahanam Malak - Mihindu Ariyarathna

තහනම් මලක්


තහනම් මලක් හිත හා බැඳී
මායිම් බිඳී
මාගේ ලොවේ
මතුදා හිත් පෑරුනත්
ඔබ පතා...............
හිත පෙරුම් පුරනා

මගේ ලයේ එතී එතී
රැයේ තනි මැකුවා
හෙට නැතත් ඔබ නැති ලොවක්
ඔබම සිත පැතුවා
කදුලක් නැත ලෝකේ
ඔබේ සිනා රැඳෙනා
ඔබ නෑ ලඟ මාගේ
තනිවෙලා මා සදා

ඔබේ සුසුම්
හුරු දෙතොල් අද
සීතලෙන් වෙලිලා
ඔබේ නුවන් හෙට ඔහු ලොවේ
හිරු කිරණ වෙනවා
ඔබ නැතී සන්තාපේ
උහුල ගන්නට බෑ
තවමත් නෙතු මාගේ
මග බලයි එනතුරා
ඔබ යලිත්

තහනම් මලක් ......................

ගායනය : මිහිඳු ආරියරත්න
පද රචනය : මිහිඳු ආරියරත්න
සංගීතය :  ඉසුරු විජේසේකර

Download Mp3

ගායනය : අසංක ප්‍රියමන්ත පීරිස් පද රචනය : ප්‍රනීත් අබේසුන්දර සංගීතය : මහින්ද බණ්ඩාර

Invested $100 in Cryptocurrencies in 2017...You would now have $524,215: https://goo.gl/efW8Ef

Followers