Pages - Menu

Earn Money Online

Wednesday, October 24, 2012

Sarasawiyedi heta witharai hamu wanne - Dayarathna Ranathunga

සරසවියේදි හෙට විතරයි හමුවන්නේ

සරසවියේදි හෙට විතරයි හමුවන්නේ
කිමද කුමරි නෙතු කඳුලැලි පුරවන්නේ //


මොර සූරන මහ වැස්සේ තනි කුඩයේ
අපි තනිවී දොඩමලු වූ හැටි දෙනියේ
කොමල පපා මුකුළු හිනා පෑ දෙතොලේ
මතකද මහාවැලි දෑලේ සපු සෙවනේ 

කළා ශිල්ප රාජ ඉසුරු මල් යහනේ
එදා ලපලු හෙවනේ සරතැස නිවුනේ
අපේ මියුරු සිහින පිරුණු රජ දහනේ
මෙදා සුවඳ පමණි ඉතිරි හන්තානේ

කෝල බැලුම් හෙලා රඟන පරවියනේ
මාල බැඳුනු ගෙල කුමරිගේ හඳ පානේ
හීනෙන් දැකුමට විතරයි උරුම වුනේ
හන්තානේ කුමරියෙ නාඩන් ලසඳේ

සරසවියේදි .....................................


To Download the mp3 Click Here

ගායනය - දයාරත්න රණතුංග

Oya Nisa - Chandrasena Hettiarachchi

ඔයා නිසා


ඔයා නිසා මගේ සිනා මැකී ගියාදෙන්
ඔබේ සිනාවන් මතකේ රැඳී තියෙද්දෙන්
ඔබේ පුංචි දෙතොල් අතර මා තනි වෙද්දෙන්
ඔයා ලැබෙන්නේ නැතිනම් තනිකඩ වෙත්දෙන්

තනිකමින් ගඟ ගලා යනවා සඳේ නුඹ නෑ අම්බරේ
විඳවමින් සිත සොයනවා තව ඔයා කොතැනද හැංගුනේ
අපි හමු උනොතින් සඳ එයි නැගිලා ගංගාවට එළිය අරන්
ආදර මල් යායක්‌ අරන්

බලා ඉන්නම් තව හුඟක්‌ කල් ඔයා එනතුරු මා සොයා
සොයා නාවත් ඉවසලා හිත හදා ගන්නම් ඔබ නිසා
තනිකම උහුලා පහලට ගලනා ගඟ සේ ඉන්නම් සතුටින්
සෙනෙහස රන්දා රහසින්

ඔයා නිසා ..................................


To Download mp3 click here





ගායනය - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
පද රචනය - ලසිත් ජයනේත්තිරච්චිගේ
සංගීතය - රදීෂ් වැන්දබෝනා

Followers