Pages - Menu

Earn Money Online

Monday, November 26, 2012

Himiwuna Oba Mata - Manjula Pushpakumara

 හිමි වුනු ඔබ මට

හිමි වුනු ඔබ මට අහිමි වෙලා
කොහොමද වාවා ගන්නේ මා
ආදරේ පෑ ආදරේ
නිදි නැති රැය ඔබ ගැනම සිතා
මතකය පාරා කඳුළු සලා
ජීවිතේ මේ ජීවිතේ
සිතුවෙ නෑ පැහැසර සිනා
කුරිරු වී හැරයයි කියා

සිහින නෙලා පැලඳුදා 
මල් මාල හිත් මානයේ
සිහිවෙනවා උමතු සිනා
නිල් පාට නෙත් මායිමේ //
ලං වුනේ වෙන් වෙන්න නම් 
පෙම් කළේ තුරුලේ ඉඳන්
ඇයි ඔයා මට මේ තරම්

පෙම බිඳ දා හැර ගිය දා
දුක දැනුනේ නැතිදෝ මගේ 
කඳුළු හොරා වැටෙන තුරා
පිටුපෑවේ ඇයි ජීවිතේ //
ලං වුනේ වෙන් වෙන්න නම් 
පෙම් කළේ තුරුලේ ඉඳන්
ඇයි ඔයා මට මේ තරම්

හිමි වුනු ඔබ මට අහිමි වෙලා.......... 


 

ගායනය - මංජුල පුෂ්පකුමාර
පද රචනය - සජිත් වී චතුරංග
සංගීතය - රදීෂ් වැන්දබෝන  

Friday, November 23, 2012

Man Asai - Theekshana Anuradha

මං ආසයි

මං ආසයි හිනා වෙන්න 
ජීවිතයම නුඹත් එක්ක
නොවරදවා නුඹ  එන විට 
සිනා මලක් අරන් එන්න

මං ආසයි යාළු වෙන්න
ජීවිතයම නුඹත් එක්ක //
නොවරදවා නුඹ එන විට 
ලෙන්ගතුකම අරන් එන්න

මං ආසයි නුඹත් එක්ක
සෙනේහයේ සුව විඳින්න //
අද ඇවිදින් නුඹ යන විට
තුටු කඳුලක් තබා යන්න

මං ආසයි හිනා වෙන්න..............

To Download mp3 click here  





ගායනය - තීක්ෂණ අනුරාධ
පද රචනය -රන්ජිත් ප්‍රේමවීර
සංගීතය -නවෝද් නිලංග

Followers