Pages - Menu

Earn Money Online

Saturday, April 27, 2013

Me Ma Handwala - Peshala Ft Kona

මේ මා හඬවලා

මේ මා හඬවලා හැරදා වෙන්වීලා
මට අදහන්න බෑ තාම මේ වේදනා
දුන්නේ කවුරුන්ද  ඔයාමද කියා // 


සිහින මා හදේහී ගොඩ ගැහිලා
මතක රැස් කළා මා කඳුලට වෙලා
පාළුව දැනේ මේ මතකේ කතාවේ
සෙනෙහේ නිමයි මේ කඳුළැල් උනන්නේ
ආදරෙයි  මා දිවිතෙක් සදා සෙනෙහේ පැතුම් විකීලා
මේ මා හඬවලා හැරදා වෙන්වීලා

අඳුර අතරේ මාව තවලා 
ඔබ ගියත් ඔහු වෙතට ඇදිලා
තාම සිහිවෙයි ඒ අතීතේ 
මියෙන තුරු මා ආදරෙයි 

මේ මා හඬවලා.................

To Download mp3 click here  


ගායනය - පේෂල

  

Saturday, April 13, 2013

Suranganwee Mage - Ruwan Hettiarachchi

සුරංගනාවී මගේ හඳක් වගේ පායලා

සුරංගනාවී මගේ හඳක් වගේ පායලා
හිතේ තියෙන ආදරේ ඇස් දෙකේම ලියවිලා //
මේ තරම් හීනයක්‌ නෑ ඉතිං ලං වෙලා
සත්තමයි  ආදරේ තටු අරං ඉගිලිලා //

සිනාසෙන්න ආදරෙන් ඉහේ මල් පිපෙයි මගේ
හිතින් වින්ද වේදනා කොහේදෝ ගියේ ලඳේ //
මේ තරම් හීනයක්‌ නෑ ඉතිං ලං වෙලා
සත්තමයි  ආදරේ තටු අරං ඉගිලිලා
රෑ ගොම්මනේ ගුලිවෙලා තනි වෙමින්
මේ ආදරේ විඳමූ සුන්දරී

මගේ පුංචි පැල්පතේ පහනමයි ඔයා සඳේ
නිවී යන්න දෙන්නෙ නෑ දිව්රමී සදා

මේ තරම් හීනයක්‌ නෑ ඉතිං ලං වෙලා
සත්තමයි  ආදරේ තටු අරං ඉගිලිලා
රෑ  ගොම්මනේ ගුලිවෙලා තනි වෙමින්
මේ ආදරේ විඳමූ සුන්දරී

සුරංගනාවී මගේ..........................

To Download mp3 click here  
ගායනය - රුවන් හෙට්ටිආරච්චි
පද රචනය - සම්පත් ප්‍රනාන්දුපුල්ලේ
සංගීතය - රාජ්

Followers