Pages - Menu

Earn Money Online

Friday, January 17, 2014

Maga Balana - Dilshan Weerasinghe

මග බලනා

මග බලනා ළඟ හිඳිනා
ඔය හිත මගේ වෙලා
මට දිවුරා මග අහුරා
සුසුමක් කතා කලා

පපුතුරේ ගැඹුරේ රැඳී
මැවෙනා හැඟෙනා හීනේ ඔයා

යනෙන දිගු ගමනේ
හෙවනැල්ල වෙන්නම්
මගේ හුස්ම දවටා
නුඹ ළඟ තියන්නම්

පපු තුරේ ................

මතක නැති සෙනෙහේ
ඇරඹුම සොයන්නම් 

රැඳෙන ඔය දිවියේ
වසන්තය වෙන්නම්
 

පපු තුරේ ................. 

ගායනය - දිල්ශාන් වීරසිංහ





To Download the mp3 Click here

Friday, December 6, 2013

Athul Hithe (Amma) - Asanka Priyamantha Pieris

ඇතුල් හිතේ (අම්මා)

ඇතුල් හිතේ හිත පතුලෙම පරිස්සමින් හංගා
තුරුළු සුවේ සියුමැල්ලෙන් පිරිමැද නිදි කරවා
පතුල් පවා සිඹ සිඹ නිදුකින් මා කරපින්නා
නැලවිල්ලෙන් ආත්මයම උණුහුම් කළ අම්මා මගේ අම්මා

වචන රහිත දිගම ප්‍රේම ගීය කණේ රන්දා
දුකින් තොරව දිවි ගෙවන්න පාර කිව්වෙ අම්මා
නැති බැරිකම් හංගා ඇති දේ පිරිමහලා
කවා පොවා හැදුවේ අම්මා
ආත්මය ම හැදුවේ අම්මා

ඇතුල් හිතේ......................

හරි ම තැනින් පටන් ගන්න කියා දුන්නු හින්දා
හොඳම දෙයක් කරන් යද්දි සතුටු වෙන්නෙ අම්මා
සැප විඳිනව දැකලා හිස සිඹ සුභ පතලා
හිනා වෙවී හැඬුවේ අම්මා
ආත්මය ම හැදුවේ අම්මා

ඇතුල් හිතේ......................


To Download the mp3 Click Here 


ගායනය - අසංක ප්‍රියමන්ත පීරිස්

Followers