සරසවියේදි හෙට විතරයි හමුවන්නේ
සරසවියේදි හෙට විතරයි හමුවන්නේකිමද කුමරි නෙතු කඳුලැලි පුරවන්නේ //
මොර සූරන මහ වැස්සේ තනි කුඩයේ
අපි තනිවී දොඩමලු වූ හැටි දෙනියේ
කොමල පපා මුකුළු හිනා පෑ දෙතොලේ
මතකද මහාවැලි දෑලේ සපු සෙවනේ
කළා ශිල්ප රාජ ඉසුරු මල් යහනේ
එදා ලපලු හෙවනේ සරතැස නිවුනේ
අපේ මියුරු සිහින පිරුණු රජ දහනේ
මෙදා සුවඳ පමණි ඉතිරි හන්තානේ
කෝල බැලුම් හෙලා රඟන පරවියනේ
මාල බැඳුනු ගෙල කුමරිගේ හඳ පානේ
හීනෙන් දැකුමට විතරයි උරුම වුනේ
හන්තානේ කුමරියෙ නාඩන් ලසඳේ
සරසවියේදි .....................................
To Download the mp3 Click Here
ගායනය - දයාරත්න රණතුංග