Pages - Menu

Earn Money Online

Wednesday, November 14, 2012

Obe Namata Pudami Sada (Oya As Diha) - Pradeep Rangana

ඔය ඇස් දිහා පෙම යාවෙලා


ඔය ඇස් දිහා පෙම යාවෙලා
ගෙතු කාරණා හද දිවුරුවා
සිත තෝරනා ඔබ පෙම් සිනා
ලැබෙනා තුරා මා යදිනවා
හැඟුමන් පායලා සිතුමන් පෑහිලා
එනමුත් නොහැඟෙදෝ ආදරේ
ඉතිරෙන ආදරේ ඔය හදෙ නැවතිලා
මට සිත දේදො පැතු කුමරියේ

මාගේ දෛවේ පිදුවේ උරුමේ ඔබ වේදැයි
සිත කීවේ දුටු මුල් දිනේ
පැටලුම් ලිහලා විසඳුම් සොයලා
සිත ළඟ පෑහී කියනු ඔබ කවුදෝ කියා
ඔබ නිසා නෙතු ඇහැරීලා අඳුරේ පවා
තනිකඩද සිත අසනවා
ඔබ හද හිමි වුනත් ඔබ අහිමී වුනත්
මගෙ පපු තුරුලේ සැනසුම ඔබයි
ගැයෙනා තනුවේ පදවැල් ඔබමයි සදා
එය ඔබෙ නමට පුදමී සදා


ඔය ඇස් දිහා......................................

ඇසෙනා මානේ ඔබ අද වේ නම්
ඇතිනම් හර්දේ ප්‍රේමේ නොපිරූ ඉඩක්
මාගේ හර්දේ මෙතරම් ආලේ උතුරා යන්නේ
නොපිරූ තැන් පුරවන්නමයි
ඔබ නිසා තැනු ගීතේ අසා නුඹගේ 

මැවු සිහිනෙ පිබිදෙයිද මං
ඔබ හද හිමි වුනත් ඔබ අහිමී වුනත්
මගෙ පපු තුරුලේ සැනසුම ඔබයි
ගැයෙනා තනුවේ පදවැල් ඔබමයි සදා
එය ඔබෙ නමට පුදමී සදා





ගායනය - ප්‍රදීප් රංගන
පද රචනය - සචිත් උදයංග
සංගීතය -සංජුල හිමාල

Thursday, November 8, 2012

Oba Wenuwenma Thama (Muwa Randi Hasrella)- Udaya Sri

ඔබ වෙනුවෙන්ම තමා

මුව රැඳි හසරැල්ල පානා
පායන සඳම සේ දිලෙනා
දෑසක මා සෙව්ව සේමා
පිවිතුරු ආදරේ ගලනා 


මගෙ හිත ළඟ දවසක නතර වෙලා
බලනවා නම් මුළු හිත පීරා ඔබ
නොහිතු තරම් සෙනෙහස පුරවා
දකිනා හිත ඔබ වෙනුවෙන්ම තමා 


මේ සීත රෑ යාමේ තුරුලේ හොවා
උණුහුමක සුවදෙන්න උන්නේ බලා
නිදි නේන තුන් යාමේ හද කිති කවා
සුරලියක සේ ඉන්න මට ලංවෙලා

මගෙ හිත ළඟ..............................


දකිනා හිත ඔබ වෙනුවෙන්ම තමා


To Download mp3 click here 



ගායනය - උදය ශ්‍රී
පද රචනය - නන්දන වික්‍රමගේ
සංගීතය - උදය ශ්‍රී

Followers