Pages - Menu

Earn Money Online

Sunday, July 15, 2012

Ahanna Adare Tharam ( Me hithe ellila ) - Dushyanth Weeraman

අහන්න ආදරේ තරම්



මේ හිතෙ එල්ලිලා පෙරදා
ඇවිදින් මා ලයේ නැවතිලා

මා හැර වෙන කෙනෙකුගේ වෙලා
ඉන්නේ කොහොමදෝ ඔයා
කඳුළු වෑහෙනා නෙතු දිහා
බලන්න මොහොතකට ලං වෙලා
හෙමිහිට පපුව මත කන තියා
අහන්න ආදරේ තරම්


දුක දරාගන්නට හිතට හයිය නෑ
හිත හදා ගන්නට කොහොමටත් බෑ
නාදුනන සේ මග හැර යන්න බෑ
තවත් හිතකට හිමි වෙන්න බෑ


මේ හිතෙ එල්ලිලා...............


මා වෙනුවෙන් මට මැවු සෙනේ
හමුවෙලා මග හැරී ගියේ
ආයෙත් ඔබ මා වෙත එනකම්
තනිකඩව සිටී ඔබ කොහෙද ප්‍රියේ


මේ හිතෙ එල්ලිලා...............



To Download mp3 click here





ගායනය - දුෂ්‍යන්ත් වීරමන්
පද රචනය -  දිලාන් ගමගේ
සංගීතය - රදීෂ් වැන්දබෝනා

Friday, July 13, 2012

Mage Heenaye Langa Innata - Udaya Sri

මගෙ හීනයෙ ළඟ ඉන්නට



මගෙ හීනයෙ ළඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයෙ දැවටෙන්නට මගෙ උණුහුම මදිවීදෝ
ආදරේ මට නම් ඇයි විරහ සරදම්
ජීවිතේ මම නම් ඇයි කඳුලු මෙතරම්

නෙතු මුතු කැට වැටෙන තරම් හිත මත දඟ කෙරුව තරම්
උණුහුම හිත හැදුව තරම් රැවටුණු හැටි මා මෙතරම්
හිත හඬන තරම් ඔබ දන්නවනම් තව කඳුලු දිදී රිදවන්නෑ
මා දැවෙන තරම් ඔබ දන්නෑ

මගෙ හීනයෙ.......................................

නොමියෙන මල් මතක පෙතී එක එක බිඳ දැමුව හැටි
නෙතු අග තෙත රැඳුනෙ නිති මගෙ වරදම වෙන්න ඇති
හුරු සිනහ සිතින් ඔබ ඉන්නව නම් තව කඳුලු කතා පවසන්නෑ
මේ කඳුලු මගෙ දැන් දුක නෑ


මගෙ හීනයෙ.......................................


To Download mp3 click here



ගායනය - උදය ශ්‍රී
පද රචනය -
සංගීතය -

Followers