Pages - Menu

Earn Money Online

Saturday, February 10, 2018

Pama Wela Muna Gasunu Nisa - Damith Asanka

පමා වෙලා මුණ ගැහුණු නිසා

පමා වෙලා මුණ ගැහුණු නිසා
දරාගන්න බැරි කඳුළු උනා
මගේ හිතත් මට අහිමි වෙලා
ඔයා මගේ පන වෙලා නිසා

කවිකාර ඇස් දෙකේ පෙම හංගලා
මට ආයේ ඔබ වගේ තවකෙක් එපා //
තවම මං ඔය රුවේ අතරමං වෙලා
බලා ඉන්නේ මගේ වෙනකං
හුස්ම මගෙ ඔයා .....................

පිටුපාලා යන දිහා හොරැහින් බලා
දුර ඉදන් හඬන්නම් ඔබ සතුටින් සිතා //
මතු භවේ හමු වෙලා යලි ලං වෙලා
තුරුලට කරන් හඬන්නම් විඳි දුක කියා




ගායනය - දමිත් අසංක

Sunday, January 28, 2018

Raa Sihine Ma - Sanka Dineth

රෑ සිහිනේ මා

රෑ.....රෑ සිහිනේ මා මායාවේ පෑ  සේයාවී ඈ
ඈ.... මදහාස පා  දැහැනේ බිඳී ආදරේ පෑ

ඔය බඹසරට සිත බැඳිලා
ඔය නෙතට මා ගැටුණා
ජීවිතය උමතුයි ළදේ //

සනසාවී මා හා  හුස්මක් හෝ පාලා
දෙනුවන් වසාලා සතපාලා
සන්තාපේ මා හා  අනුරාගේ පාලා
මුවඟින් සිනා පා පිදුවා

මා......මා දුටුවේ ඈ නෙලනා රුවේ
දසුනක් මැවේ
ඒ......ඒ රැයම මා සිටියේ නුඹේ
යහනේ ළදේ

ඔය බඹසරට සිත බැඳිලා
ඔය නෙතට මා ගැටුණා
ජීවිතය උමතුයි ළඳේ //

සනසාවී මා හා........................

ඔය බඹසරට සිත බැඳිලා......................



ගායනය : සංඛ දිනෙත්
පද රචනය : රුවන් ගුරුගේ
සංගීතය : සංඛ දිනෙත්

Sihinayak (Raya Pahan Kala) - Nadeeka Jayawaradane


රැය පහන් කළා ඔබ ගැන සිතමින් (සිහිනයක්)

රැය පහන් කළා ඔබ ගැන සිතමින්
මා හද උමතුවෙන්
නීල නුවන් දකිනා තුරු ඔබගේ
මා නෙත් අවදියෙන්
සොඳුරු ආදරේ මිහිර විඳින්නට
අප සිත් එක් වේවී
අපේ ආදරේ උණුසුම ලබමින්
ඒ සිත සැනසෙවි

පුංචි සන්දියේ සෙල්ලම් කළ හැටි
තාමත් මට මතකයි
වෙරල දිගේ ගං ඉවුරු දිගේ
ඇවිදපු හැටි මට මතකයි
යෞවනියක වී ඔබ මා අත ගෙන
මේ සැන්දෑ යාමේ
සොඳුරු ආදරේ මිහිර විඳින්නට
මේ සුමිහිරි යාමේ

මා සුන්දර සිහිනයක් මැව්වා
අප වටකර සිහිනයක් මැව්වා
ඔබ මගෙ කර සිහිනයක් මැව්වා
ප්‍රියාදරියේ //

ගායනය - නදීක ජයවර්ධන

Mata Kiyanna - Nadeeka Jayawaradane

මට කියන්න හැම දෙයක්ම

මට කියන්න හැම දෙයක්ම
සිතේ තියනා දුක නිවෙන්න
හදේ ගැස්ම ‍දැනෙනා තැනක
මං ආසයි අහන් ඉන්න

ඔබේ නෙතු අගින් රැඳෙනා කඳුල
මෙනෙහි කරමින් අඳුරු සිතින්
ලොවේ දහමින් මිදිලා රැඳෙමින්
හැකිවේද සිතනු රිසින්

මට කියන්න....................

දුක රැඳෙයි හැම දිනක්ම
නෙතු අගින් කඳුලෙන් අප තෙමන්න
රැඳෙන්න අවසරයි සොදඳුර
පුදමී දෝතින් වසන්තය

මට කියන්න......................





‍‍‍‍ගායනය : නදීක ජයවර්ධන
පද රචනය : තාරක හේරත්
සංගීතය : රංග දසනායක

Kiyanna Kiyanna - Nadeeka Jayawaradane

කියන්න කියන්න

කියන්න කියන්න
හද රැඳි දේ මා සමගේ
කියන්න කියන්න
ඇති සැම දේ රිසි සේ

හද පුරා ආදරේ
ඔබටයි ඉඩ හදවතේ
දිස්වෙයි මුතුවන් සිනා
දෙනුවන් යුග ළඟ මගේ
මන්මත් සිත පුරා
කැළඹෙයි වේදනා හැඟුම්
නොදැනී ඒ ඇසිල්ලේ
කියවෙයි ඔබෙ නම හොරෙන්

කියන්න කියන්න
හද රැඳි දේ මා සමගේ

නිදිවරා ජීවිතේ
මා ගෙතූ ගීතයේ
දැවටෙයි ඔබ කී වදන්
දෙසවන් යුග ළඟ මගේ
සුදුවන් පිටු පුරා
බිහිවෙයි ගී ඔබේ නමින්
නොසිතා ඒ පිටු කොනේ
ලියැවෙයී ඔබ නම හොරෙන්

කියන්න කියන්න.................

ගායනය - නදීක ජයවර්ධන

Perawadanak Nathi - Nadeeka Jayawardane

පෙරවදනක් නැති අප පෙම් පුරාවතට
මට කුමටද තව පසු වදනක් නුඹගෙන් //

හැම හමුවීමකට
නියමිත අවසානයක් ඇත්නම්
සේරුන් වුව ගයනා ගීයට
විරාමයක් දේ නම්
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්

එක සෘතුවකට පසුව
නව සෘතුවක් පැමිණේ නම්
ගහ කොල මල් දළු ලා යායට
අලුතින් සැරසේ නම්
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්

පෙරවදනක් .................................





ගායනය - නදීක ජයවර්ධන
සංගීතය - කසුන් කල්හාර
ගී පද - චාමින්ද රත්නසූරිය

E pethi (Tablet) - Amila Nidahasa

ඒ පෙති 

ඒ පෙති තොල් පෙති අතරින්
ගලා ඇවිත් මගේ හිස මත වැදුණී
මවා උන්නු ලෝකය බොඳවී
මවක් පුදුම.... නෑ මං නොබනී

රවුල් කෙඳිති වල මිහිරිය
කොපුල් බලා සිටියා මග
කුසයේ බිඳි ඔබේ බත් මිට
ඇකයේ ඉඳ කයි ගුලිකර
කාසි වලට බරක් කියා
අම්ම එක්ක කතා වෙලා
වෙද ඇඳුරන් හාද කරන්
මම නූපන් දරුවා කළා
ඒ පෙති තොල් පෙති අතරින්

කොළඹ හතේ ඉස්කෝලෙක
ඉගෙන ගන්න ඕනිත් නෑ
තරුම හතේ මන්දිර වල
කෑම බීම ඉල්ලන් නෑ
කාසි වලට බරක් කියා
අම්ම එක්ක කතා වෙලා
වෙද ඇඳුරන් හාද කරන්
මම නූපන් දරුවා කළා

ඒ පෙති........................



ගායනය, පද හා සංගීතය - අමිල නිදහස






Perawadanak Wi - Sanuka Wickramasinghe

පෙරවදනක් වී 

පෙරවදනක් වී මගේ කතාවට
පටුන ලියන්නට හීන එවා
පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට
හිස් පිටුවක් ඉඩ තබා ගියා

අරුත බිඳී ගිය අන්දරයක රස
කිමැයි කියා නොදැනෙන හින්දා
තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ
මෙතෙක් ලියූ කිවිඳියම පතා

පැතූ කතාවේ නිමක් දකින්නට
උපන් භවේ පින මදි හින්දා
බලා හිඳිමි මතු භවයක හෝ
පසු වදන ලියන්නට එතැයි කියා

පෙරවදනක් වී......................



ගායනය : සනුක වික්‍රමසිංහ
පද රචනය : උමා අසේනි
සංගීතය : සනුක වික්‍රමසිංහ

Saragaye - Sanuka Wickramasinghe

සරාගයේ

නිය රටා මවනවා අපතරේ වූ කතා
රැය පුරා උණුහුමේ මල් පෙති තලා
සයනයක් නිදනවා මේ රැය අපගේ වූ නිසා
ආදරෙන් නග්න වූ හිමිකම් සොයා
උනුසුම් උදයක සුවඳින් ගත පිබිදී ගියා
ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා

සරාගයේ රැයේ පිනිබිඳුවක් වී වැටී
මා සිතේ හිඩසක් මවා
යහන්තලේ වැතිරී
අද තනිකම ඉතිරි වී
සඳ ඇතිරිල්ලේන් වෙලී තනිවුනා

කාමරේ මුළු පුරා
නෙක සලුපිලි තනිවෙලා
මා සිතින් හඬනවා
දෙස බල බලා
මං මුලා වූ සිතින්
මා මල් සුවඳක් විඳිනවා
බැඳීම්ක් ඇති රුවක් හා මා වෙලී

උනුසුම් උදයක................................





ගායනය - සනුක වික්‍රමසිංහ

Chandra Mandale - Sunil Edirisinghe

චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ

චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ

ලාබ රත්තරන් දිලිසෙන පාළු වීදියේ
ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
උන්ට සෙයිලමේ මගතොට පාර වැරදුනේ
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ

චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ
මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ
මාල ගිරව් ගේ දොරකඩ සිංදු කිව් වෙලේ
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
පාර මතක නං තාමත් ගේ ලඟයි දුවේ

චන්ද්‍ර මණ්ඩලේ........................................



ගායනය - සුනිල් එදිරිසිංහ

Me Tharam Siyumalida Kalugal - Sunil Edirisinghe

මේ තරම් සියුමැලිද කළු ගල්

මේ තරම් සියුමැලිද කළු ගල්
හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා
දෑස් දුන් මිනිසා සොයා

කලා වැව ලඟ ඉලුක් හෙවනක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා
මැරෙන ඉපදෙන රළ දිහා

මේ තරම්...

ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුණා ඔහු
තවම තනිකඩයැයි කියා
තවම තනිකඩයැයි කියා

මේ තරම්...




ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : රවි වසන්ත වෙල්ගම
සංගීතය : දර්ශන රුවන් දිසානායක

Meena Nuwan Yuga - Senanayaka Weraliyadda

මීන නුවන් යුග කඳුළු සදාගෙන


මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනි වූ යුවතී
නිදි නැති රෑ සුසුමන් පවනේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ

බාලේ ඉඳන් පෙම් සිතුවම් ඇඳි
අද වෙන් වී නුඹ හිම පියසේ
කාල වලා නැග එන්නා නබෝ ගැබ
කාල වලා නැග එන්නා නබෝ ගැබ
බොඳ වී යයි මුදු වදන් මෙදා
බොඳ වී යයි මුදු වදන් මෙදා


මීන නුවන් යුග කඳුළු සදාගෙන

සීත රටේ තනි මලට ලොබින්
ඈත ඉඳන් ආ බමරින්දූ
දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද
දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද
මාලවිකා මා බාල ලියේ

මීන නුවන් යුග කඳුළු සදාගෙන...........

ගායනය - සේනානායක වේරලියද්ද

Mage Jeewithe Pura - Senanayaka Weraliyadda

මගේ ජීවිතේ පුරා

මගේ ජීවිතේ පුරා
එකම සිතින් ප්‍රාර්ථනා
කෙලෙස හෝ වේදනාවෝ
සඟවා තබා ගමී
සඟවා තබා ගමී

සඳ සෙවනේ අපි තරු ගැනලා
ඒ තරමට පැතුමන් පුරලා //
කවදාවත් නෑ තරහ වෙලා
අද නෑ.......................
අද නෑ තාරකාවී
අඳුරෙන් වැසී ගියේ
අඳුරෙන් වැසී ගියේ

මගේ ජීවිතේ පුරා....

සුදු වැලි යට අද සැතපීලා
ඝන අඳුරින් ලෝකය වැසිලා //
ඉවසා ගන්නේ කෙලෙසද මා
යළි නෑ..........................
යළි නෑ ආයෙ එන්නේ
වෙනදා වගේ සදා
වෙනදා වගේ සදා

මගේ ජීවිතේ පුරා...

ගායනය : සේනානායක වේරලියද්ද
පද රචනය : ශාන්ත දේශබන්දු
සංගීතය : සේනානායක වේරලියද්ද

Premaye Wil There - Malani Bulathsinhala

ප්‍රේමයේ විල් තෙරේ

ප්‍රේමයේ විල් තෙරේ
යෞවනේ මල් වනේ
ඇසෙන මේ ගී මියුරු රාවේ
සිතක ආරාධනා
ප්‍රේමයේ විල් තෙරේ

සුසුදු හසකැන් සලා
දෑස පෙරුමන් පුරා
පාළුවේ තනි වෙලා
කාටදෝ ඉඟි කලා

ප්‍රේමයේ විල් තෙරේ................

සීත පවනැල් ගලා
නීල තුරු මල් සලා
ආදරෙන් පිබිදිලා
ලෝකයම හිනැහිලා

ප්‍රේමයේ විල් තෙරේ.................




ගායනය - මාලනී බුලත්සිංහල
පද රචනය - කුලරත්න ආරියවංශ
සංගීතය - එච්.එම්. ජයවර්ධන

Kohe Yanneda Kohe Inneda - Bandara Athauda & Malani Bulathsinhala

කොහේ යන්නේද කොහේ ඉන්නේද

කොහේ යන්නේද
කොහේ ඉන්නේද
ඔබත් ඇසුවා මගෙන්
මමත් ඇසුවා ඔබෙන් //

මං මුලාවී ජිවිතේ අපි ලංවෙලා ඉමු මේ ලෙසින්
තවත් පෙම්වතියන්
පෙම්වතුන් එනතුරා මේ මාවතේ
ගමන් මග විමසා අපෙන්

මේ ලෙසින් සසරේ පුරා අපි ලං වෙලා සිටියේ හදින්
හෙටත් අද වාගේ
බලා ඉඳිමු සිත් සතන් නැති ලෝකයා
පෙම්සුවේ දකිනා තුරා

කොහේ යන්නේද ..............................



ගායනය -බණ්ඩාර අතාවුද සහ මාලනී බුලත්සිංහල

Ruwan Tharaka - Bandara Athauda

රුවන් තාරකා

රුවන් තාරකා
නුවන් පායලා
හිදින් හද‍වතේ රැදී
වේදනා නිවා //

නිසල රැයේ නැගෙන සඳේ
සිසිල වූ ඔබේ
සෙවණ ඇගේ සුවය ගෙනේ
නිබඳ මා වෙතේ
නිබඳ මා වෙතේ

රුවන් තාරකා....................

තිසර විලේ පිපුනු මලේ
රැඳුණු ආදරේ
සුවඳ ගෙනේ සතර දෙසේ
යොවුන් මාවතේ
යොවුන් මාවතේ

රුවන් තාරකා...................


ගායනය - බණ්ඩාර අතාවුද

Sithuwili Sirawi - Bandara Athauda

සිතුවිලි සිරවී හදවත පතුලේ

සිතුවිලි සිරවී හදවත පතුලේ
ඉකිබිද වැල‍පෙනවා
රුව සැංගී මගෙ මතකය අතරේ
නෙත් අසරණ වෙනවා

ඔබෙ සෙනෙහස දැක සැඟවෙනු කෙලෙසද
නෑ මට තවමත් වැටහෙන්නේ
සුසුම් නිම්නයේ සමුගන්නට නම්
මේ ලෙස ඇයි අප හමුවන්නේ

සිතුවිලි සිරවී...........................

මිලාන වූ මල් ඉකිබිඳ වැලපේ
විකසිත කුසුමන් හිනැහෙද්දී
ලොව දහසක් නෙත් හිනැහෙන මොහොතේ
ඔබේ මගේ ලොව කඳුළු දකී

සිතුවිලි සිරවී..........................

ගායනය - බණ්ඩාර අතාවුද

Hiru Wikasitha Wi Miyayana Polowe - Asanka Priyamanmtha Pieris

හිරු විකසිත වී මියයන පොළවේ

හිරු විකසිත වී මියයන පොළවේ
එළිය අඳුර සම සමව බෙදයි
ගත පණ නළ වන් රුධිරය මවුගේ
කිරට හැරී කුසගිනි දුරලයි

සමුදු වදන් සවනත පාවේ
බිළිඳු ඔබේ තුරුලේ සැතපී
ලෝකය බිහිකල මවුනේ මගේ
නුඹේ නමට මුළු ලොවම වඳී

හිරු විකසිත වී....................

හද මඩලේ සෙනෙහස් කඳුලින්
සුදු බුදු රැස් විහිදුනි අහසේ
එවන් මහිමයක් ලොවට උදාකල
මවුනි ඔබට මුළු ලොවම ගැතියි

හිරු විකසිත වී.........................

ගායනය - අසංක ප්‍රියමන්ත පීරිස්

Me Guru Pare - W.D. Amaradewa

මේ ගුරු පාරේ

මේ ගුරු පාරේ මේ දොල අයිනේ
අපේ රහස් ඇත සැඟවීලා
අපේ රහස් ඇත ලියැවීලා

පටු මාවත් වල දූවිලි අතරේ
අපගේ ඉපැරණි පිය සටහන් ඇත //
දොල මත දිදුලන පෙණ පිඩු අතරේ
අපේ කතාවේ කෙටි පටුනක් ඇත

මේ ගුරු පා‍රේ..........................

ඉර හඳ ඇසුවා ඇලදොල දුටුවා
අතිනත් ගෙන අප දෙඩූ කතාබහ //
එනමුදු එදවස් සඟවනු හැකිවේ
ඉරට හඳට ඇල දොලට කතා බැහැ

මේ ගුරු පා‍රේ..........................

ගායනය - ඩබ්ලිව්. ඩී. අමරදේව
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - මහාචාර්ය සනත් නන්දසිරි

Saturday, January 27, 2018

Oba Ma Hamuwuna - Karunarathna Divulgane

ඔබ මා හමුවුන මේ ඉර හඳ යට

ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
කොතැනක සිටියත් මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී
මගෙ ළඟ තනියට ඉනු මැනවී

ඔබ සිත මා සිත හමුවූ දා සිට
මා ළය පීදී පරවූ පෙම් මල
සිතින් තුරුළු කර මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී

ඔබ මා හමුවුන මේ ඉර හඳ යට..........

කඳුළ සුසුම නොහෙලා නොදොඩා අපි
මිරිඟු සයුර වෙත පියමං කල සැටි
සිතින් දරාගෙන මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී

ඔබ මා හමුවුන මේ ඉර හඳ යට.............


ගායනය - කරුණාරත්න දිවුල්ගනේ

Followers