රෑ සිහිනේ මා
රෑ.....රෑ සිහිනේ මා මායාවේ පෑ සේයාවී ඈඈ.... මදහාස පා දැහැනේ බිඳී ආදරේ පෑ
ඔය බඹසරට සිත බැඳිලා
ඔය නෙතට මා ගැටුණා
ජීවිතය උමතුයි ළදේ //
සනසාවී මා හා හුස්මක් හෝ පාලා
දෙනුවන් වසාලා සතපාලා
සන්තාපේ මා හා අනුරාගේ පාලා
මුවඟින් සිනා පා පිදුවා
මා......මා දුටුවේ ඈ නෙලනා රුවේ
දසුනක් මැවේ
ඒ......ඒ රැයම මා සිටියේ නුඹේ
යහනේ ළදේ
ඔය බඹසරට සිත බැඳිලා
ඔය නෙතට මා ගැටුණා
ජීවිතය උමතුයි ළඳේ //
සනසාවී මා හා........................
ඔය බඹසරට සිත බැඳිලා......................
ගායනය : සංඛ දිනෙත්
පද රචනය : රුවන් ගුරුගේ
සංගීතය : සංඛ දිනෙත්